May 01, 2024

මන්ත්‍රීවරු 10ක් පිල් මාරුවකට සූදානම්! Featured

September 11, 2021

මේවන විට දේශපාලනයේ කරළියේ යළීත් පිල් මාරුවක් ගැන සාකච්ඡාවක් ඇතිව තිබෙනවා.

ඒ අනුව සමඟි ජන බලවේගයේ මන්ත්‍රීවරු පිරිසක් යළිත් එක්සත් ජාතික පක්ෂයට එක්වීමට සූදානම් බවයි වාර්තා වන්නේ.

මන්ත්‍රීවරු 10 දෙනෙකු එලෙස එජාපයට එක්වීමට නියමිත බවත් ඊට හේතු වී ඇත්තේ විපක්ෂ නායකවරයාගේ සමීපතමයින්ගේ ක්‍රියාකලාපය බවත් ආරංචි මාර්ග සඳහන් කරනවා.

ආණ්ඩුවට සම්බන්ධ පුද්ගලයෙකුත්, කාන්තාවකුත් තවත් පුද්ගලයෙකුත් විපක්ෂ නායක සජිත් ‍ප්‍රේමදාස මහතා මෙහෙයවන බවට පිල් මාරුවට සැරසෙන මන්ත්‍රීවරුන් චෝදනා කරනවා.

එජාපය සූදානම්

පසුගියදා පැවැති එජාප 75 සංවත්සරය ඉතා සාර්ථකව පැවැත්වීමට හැකිවූ බව එජාප සභාපති වජිර අබේවර්ධන මහතා සිරිකොත රැස්වීමකදී සඳහන් කර තිබෙනවා. 

ඉදිරියට එජාපය ශක්තිමත් කරගෙන යන වැඩපිළිවෙල කුමක්ද යන්න සොයා බැලිය යුතු බවත් ඊට දැන්ම සූදානම් විය යුතු බවත් එහිදී ඔහු පෙන්වා දී ඇතැයි වාර්තා වනවා.

Rate this item
(1 Vote)
Last modified on Saturday, 11 September 2021 12:34