April 27, 2024

(EXCLUSIVE) එජාපය බංකොලොත් කළ රනිල්ගෙන් මොන තුන් වන පෙළක්ද : හිටපු මහ ලේකම් Featured

එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා කාලෙන් කාලෙට විවිධ කතා කීමට දක්ෂයෙක්.

ඒ කියන කතා බොහොමයක් ක්‍රියාවට නැංවුන ඒවා නොවේ.

රනිල්ගේ අලුත්ම කතාව

එ.ජා.පයේ අලුත් තරුණ 3වන පෙළක් හදන බව වික්‍රමසිංහ මහතා අලුතින්ම කියන කතාවයි.

ඒ කතාව ගැන ඒෂියන් මිරර් හිටපු එ.ජා.ප මහ ලේකම්වරයෙකු මෙන්ම වත්මන් සමගි ජන බලවේගය ජාතික සංවිධායකවරයා වන තිස්ස අත්තනායක මහතාගෙන් විමසීමක් කළා.

ඔහු ඊට ලබා දුන් පිළිතුර මෙසේයි.

ජනතාව ප්‍රතික්ෂේප කළ නායකත්වය

වික්‍රමසිංහ මහතා වසර 27 ක්ම එක දිගට එ.ජා.පයේ නායකයා බව පෙන්වා දෙන අත්තනායක මහතා එසේ අලුත් පිරිසකට තැනක් ලබා දුන්නේ නම් පසුගිය මහ මැතිවරණයේදී කිසිදු පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයක් දිනා ගැනීමට නොහැකි ආකාරයටම ජනතාව ප්‍රතික්ෂේප කළ බව සඳහන් කරනවා.

දේශපාලන ව්‍යාපාරයක වෙන නායකයෙක් නම් ඒ කාලය තුළ ඔය වැනි තරුණ පෙළ , ඉදිරි පෙළ කණ්ඩායම් තුන , හතරක් ගොඩ නගා අවසන් බවයි අත්තනායක මහතාගේ මතය වන්නේ.

එහෙත් එවැන්නක් කිරීමට තරම්වත් වික්‍රමසිංහ මහතාට හැකියාවක් නොතිබුණු බැවින් ඔහු අසාර්ථක නායකයෙක් බවටයි අත්තනායක මහතා හඳුන්වන්නේ.

පක්ෂය ආරක්ෂා නොකිරීම

තරුණ පරම්පරාවල් , දෙවන තුන්වෙන පෙළවල් ගොඩ නැඟුවා නම් එ.ජා.පය මෙසේ කඩා බිඳ වැටෙන්නේ නැති බව හිටපු මහ ලේකම්වරයා අවධාරණය කරන්නේ වික්‍රමසිංහ මහතා පක්ෂය ආරක්ෂා කර ගැනීමට කටයුතු නොකල බවටත් චෝදනා කරමින්.

ඒ නිසා වික්‍රමසිංහ මහතා කියන දේවල් ගණන් ගත යුතු නැති බවයි අත්තනායක මහතා සඳහන් කරන්නේ.

Rate this item
(2 votes)
Last modified on Tuesday, 18 January 2022 08:36