May 01, 2024

කලකට පසු හරීන් සභාව අමතයි: බොරු කොමිටල් එපා - මොල හතේ සර්ටත් බැහැ

හරීන් ප්‍රනාන්දු මන්ත්‍රීවරයා දිගු කලකට පසු පාර්ලිමේන්තුව ආමන්ත්‍රණය කරමින් සුපුරුදු වාග් ප්‍රහාරයෙන් ආණ්ඩුවට එක් විටෙක විවේචනයක්ද තවත් විටෙක අභියෝගයක්ද එල්ල කලා.

බොරු කතා එපා

බොරු කොමිටල් කතා නොකියා තමාව අත් අඩංගුවට ගෙන අධිකරණයකට ඉදිරිපත් කරන ලෙසට මන්ත්‍රීවරයා මහජන ආරක්ෂක අමාත්‍යවරයාට අභියෝගයක්ද කළා.

ඒ වගේම පාස්කු ඉරුදින ප්‍රහාරය ගැන තමන් සමග විවාදයකට එන ලෙසද සරත් වීරසේකර මහතාට අභියෝගයක්ද කළේ ඔහු ඒ අවස්ථාවේ සභාවේ සිටි නිසයි.

මොල හතේ ඇමති

මොල හතේ ඇමතිවරයා ගැනද කතා කළ හරීන් ප්‍රනාන්දු මන්ත්‍රීවරයා ඔහුටද කිසි දෙයක් කළ නොහැකි බව සඳහන් කළේ මේ වන විට ආණ්ඩුවට ඉටු කිරීමට නොහැකි වූ කරුණු ද ප්‍රකාශ කරමින්.

ඒ නිසා මොල හතේ සර්ද අසමත් බවයි මන්ත්‍රීවරයා පෙන්වා දුන්නේ.

දෙවියන්ගේ ආශිර්වාදය

එදා රට බේරා ගැනීම සඳහා බලයට ගෙන ආ විරුවාගෙන් දැන් රට බේරගන්න සිදුව තිබෙන බවත් මන්ත්‍රීවරයා සභාවට මතක් කර දුන්නා.

තමාව අත්අඩංගුවට ගැනීමට යාම මත හෝ රෝහල් ගත වීමට ලැබීම භාග්‍යයක් සේ සඳහන් කළ මන්ත්‍රීවරයා ඒ නිසා තමාගේ සිර වී තිබූ වෑල් හතරද සුද්ද කර ගැනීමට ලැබුණු බව සඳහන් කළේ දෙවියන්ගේ පිහිට තමාට හැමදාමත් තිබෙන බව පෙන්වා දෙමින්.

කොවිඩ් වසංගතයේ දරුණු ව්‍යාප්තිය ගැනද තොරතුරු සමගම කරුණු ඉදිරිපත් කළ මන්ත්‍රීවරයා වසංගතය ආසාදනය වූ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් කීප දෙනෙකුගේ නම්ද සඳහන් කළේ මෙවන් තත්ත්වයක් තුළ පාර්ලිමේන්තුව පවත්වන්නේ ඇයි දැයි යන්න ප්‍රශ්න කරමින්.

හරින් ප්‍රනාන්දු මන්ත්‍රීවරයාගේ කතාවට සුපුරුදු පරිදි ආන්ඩුවේ විරෝධතාවය වෙනදා මෙන්ම එල්ල වීමත් දක්නට ලැබුණා.

Rate this item
(0 votes)
Last modified on Friday, 06 August 2021 11:58

Related items