May 01, 2024

සමගි ජන බලවේගයට හෙට එකතු වන නව "බලවේගය"

හෙට (16) සමගි ජන බලවේගයට විශේෂ දිනයක්.

ඒ සමගි ජනබලවේගයේ නිල පුවත්පත වන "බලවේගය" එළිදැක්වීමයි.

සමගි ජන බලවේග මාධ්‍ය අංශය සහ විපක්ෂ නායක මාධ්‍ය අංශය පසුගිය දින කීපය පුරා දිවා රෑ නොබලා  කළ වැඩ කටයුතු වල ප්‍රතිඵලයක් ලෙසයි මේ පුවත් පත එළි දකින්නේ.

දමිල පුවත් පතකුත් එලියට

ඊට සමගාමීව සමගි ජනබලවේගයේ "මන්කල් ශක්ති" දමිල පුවත්පතත් , වෙබ් අඩවිය සහ යූටියුබ් නාලිකාව සමාජ ගත කිරීමටත් නියමිතයි.

මේ සියල්ල පක්ෂ නායක මෙන්ම විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ මූලික සංකල්පයක් මත ක්‍රියාත්මක වන අතර එහි වගකීම මෙන්ම වැඩි බර පැවරී තිබෙන්නේ ඉමිතියාස් බාකීර් මාකාර් මන්ත්‍රීවරයාට.

හිටපු කැබිනට් අමාත්‍යවරයෙකුද වන බාකීර් මාකාර් මහතාගෙන් හෙට එළි දැක්වීමට නියමිත පුවත්පත ගැන පක්ෂ නායකයා තොරතුරුද විමසා තිබෙනවා.

"මාධ්‍ය ගැන අත්දැකීම් ඇති ජේෂ්ඨයෝ කණ්ඩායමක් වගේම තරුණයෝ කිහිප දෙනෙක් වැඩ ටික හොඳින් කරගෙන යනවා.හොඳ පුවත්පතක් එළි දක්වන්න පුළුවන්." බවයි ඊට පිළිතුර ලෙස බාකීර් මාකාර් මහතා සදහන් කර තිබෙන්නේ.

පක්ෂ නායකයා දුන් උපදෙස්

"සම්ප්‍රදායික පක්ෂ වලින් කරන පත්තර අදර්ශයට ගන්ඩ එපා.ඒවායින් වන්නේ ප්‍රතිවාදියාට මඩ ගහන එක.අපේ පත්තරේ එහෙම නොවී අයටත් කියවන්න පුළුවන් පත්තරයක් කරමු.හොඳ ආදර්ශයක් රටට ලබා දෙමු.බුද්ධි මණ්ඩපයේ සහයත් මේකට ගන්න." යැයි සඳහන් කරමින් සජිත් ප්‍රේමදාස මහතා පෙරළා අදහස් දක්වා තිබෙනවා.

හෙට (16) පුවත් පත එළි දක්වන ලෙස දිනය ලබාදී තිබෙන්නේ සජිත් ප්‍රේමදාස මහතායි.

පත්තරේ පිළිබඳව පක්ෂයේ මහ ලේකම්වරයා රංජිත් මද්දුම බණ්ඩාර මහතා ඇතුළු බොහෝ පිරිසක් අවශ්‍යතා සොයා බලමින් අවශ්‍ය සහයෝගය ද ලබා දී තිබෙනවා.

 

Rate this item
(1 Vote)
Last modified on Sunday, 15 August 2021 12:33

Related items