May 17, 2024

පී.බි.ජයසුන්දර ඇණයක් වෙයි - ඇමති ඩලස්ගෙනුත් අප්‍රසාදය

December 08, 2020

මහජන උපයෝගීතා කොමිසම අහෝසි කිරීමට පියවර ගන්නා ලෙස ජනාධිපති ලේකම් පී.බී ජයසුන්දර මහතා භාණ්ඩාගාර ලේකම්වරයා වෙත යැවූ ලිපිය සම්බන්ධයෙන් විෂයභාර අමාත්‍යවරයා ලෙස තමන් කිසිවක් දන්නේ නැති බව විදුලිබල අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා එළිදරව් කරයි.

එම ලිපිය පිළිබඳව තමන් දැනුවත් නැති බවද වැඩිදුරටත් සඳහන් කරන අමාත්‍යවරයා විදුලි බිල සම්බන්ධයෙන් යම් නියාමනයක් සිදු විය යුතු බවද පෙන්වා දෙයි.

එනිසා මේ සම්බන්ධයෙන් කැබිනට් මණ්ඩලයේ ද සාකච්ඡා කොට අග්‍රාමාත්‍යවරයා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ සංශෝධන වලට අනුව පමණක් කටයුතු කිරීමට පියවර ගන්නා බව ද අලහප්පෙරුම මහතා අවධාරණය කරයි.

ජනාධිපති ලේකම් පී.බී.ජයසුන්දර මහතා අග්‍රාමාත්‍යවරයාගේ කටයුතු වලට ද ඇඟිලි ගසන බවට වාසුදේව නානයක්කාර අමාත්‍යවරයාද ප්‍රසිද්ධියේම චෝදනා කර තිබේ.

Rate this item
(0 votes)
Last modified on Tuesday, 08 December 2020 13:00

Related items