May 02, 2024

පී.බී ගැන ඇමතිවරු දෙකට බෙදෙයි : පිරිසක් පන්නමු කියයි - තවත් පිරිසක් තියා ගමු කියයි

December 13, 2021

ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර මහතා ගැන ඇමතිවරුන් බහුතරයක් සිටින්නේ බලවත් අසතුටෙන්.

ජයසුන්දර මහතා ගැන ආණ්ඩුවේ මැති ඇමැතිවරුන් දක්වන විරෝධී ආකල්පය චමල් රාජපක්ෂ අමාත්‍යවරයා ජනපතිවරයා ඉදිරියේම ප්‍රකාශ කළ බවත් ප්‍රකට කරුණක්.

පී බී ගේ ප්‍රතිචාරය

එම විවේචනයෙන් පසු ජයසුන්දර මහතා සිය ධූරයෙන් ඉල්ලා අස් වීමටත් සූදානමින් සිටින බවත් වාර්තා වුණා.

පී.බී.ජයසුන්දර මහතා ජනපති ධුරයෙන් ඉවත් කිරීම සඳහා ප්‍රචාරක වැඩ පිළිවෙලක් ආණ්ඩුවේ මැති ඇමැතිවරුන් විසින්ම මේ වන විටත් ආරම්භ කොට තිබෙනවා.

එහෙත් ඔහුව රැක ගැනීම සඳහා ප්‍රචාරක වැඩ පිළිවෙලක්ද තවත් පාර්ශවයක් ආරම්භ කර ඇති බවයි වාර්තා වන්නේ.

රැක ගැනීමේ සටන

ඒ කළුතර හා කුරුණෑගල දිස්ත්‍රික්ක නියෝජනය කරන කැබිනට් මණ්ඩල ඇමතිවරුන් දෙදෙනෙකුගේ ප්‍රධානත්වයෙන්.

දැනගන්නට තිබෙන ආකාරයට රෝහිත අබේගුණවර්ධන හා ජොන්ස්ටන් ප්‍රනාන්දු යන අමාත්‍යවරුන් දෙදෙනා ඒ දෙපළයි.

ඊට එරෙහිව ගම්පහ හා මහනුවර දිස්ත්‍රික් නියෝජනය කරන කැබිනට් ඇමතිවරුන් දෙදෙනකු වෙනම ව්‍යාපෘතියක් ආරම්භ කර තිබෙනවා.

ප්‍රසන්න රණතුංග හා මහින්දානන්ද අලුත්ගමගේ එම ඇමතිවරුන් දෙපළ බවයි වාර්තා වන්නේ.

පී.බී. ජයසුන්දර මහතා ජනාධිපති ලේකම් ධූරයෙන් ඉවත් ධුරයෙන් ඉවත් කිරීම සඳහා මැති ඇමැතිවරු සමග ජනපතිවරයා හමුවී සාකච්ඡා කළ යුතු බව අය - වැය විවාද සමයේදී බන්දුල ගුණවර්ධන අමාත්‍යවරයා , අග්‍රාමාත්‍යවරයා අමතා යෝජනා කළ බවත් ආරංචි මාර්ග සඳහන් කරනවා.

Rate this item
(0 votes)
Last modified on Monday, 13 December 2021 00:44