May 17, 2024

පී.බී වෙනුවට දාන්න නම් තුනක් කරළියට Featured

December 13, 2021

පී.බී.ජයසුන්දර මහතා වෙනුවට ජනාධිපති ලේකම් ධූරය සඳහා පත් කළ හැකි සුදුස්සන් පිළිබඳව යෝජනා ඉදිරිපත් වෙමින් තිබෙනවා.

ඒ සඳහා මේ වන විට නම් තුනක් යෝජනා වී බිරිඳ බවයි වාර්තා වන්නේ.

යෝජනා වූ නම් තුන

ඉන් එක් නමක් වන්නේ හිටපු අග්‍රාමාත්‍ය ලේකම් වරයෙකු වූ එන්.අමරකෝන් මහතායි.

ඒ අතරතුර අග්‍රාමාත්‍ය වත්මන් ලේකම් ගාමිණී සෙනරත් මහතාගේ නමද ජනාධිපති ලේකම් ධූරය සඳහා කියවෙන බවයි දැනගන්නට තිබෙන්නේ.

තුන්වෙනි නම ලෙස ඉදිරිපත්ව තිබෙන්නේ කොළඹ දිස්ත්‍රික් ලේකම් ප්‍රදීප් යසරත්න මහතාගේ නමයි.

ඇමතිගේ විවේචනය

ජනපතිවරයාගේ වැඩිමල් සොහොයුරා වූ චමල් රාජපක්ෂ අමාත්‍යවරයා පී.බී.ජයසුන්දර මහතා සම්බන්ධයෙන් ජනපතිවරයා ඉදිරියේ කළ බරපතළ විවේචනයද තීරණාත්මක සන්ධිස්ථානයකට පැමිණියා.

ඒ එම විවේචන පසු පී.බී. ජයසුන්දර මහතා ජනාධිපති ලේකම් ධූරයෙන් ඉල්ලා අස්වීමට සූදානම් වීමයි.

එහෙත් දැනගන්නට තිබෙන තොරතුරු වලට අනුව ජයසුන්දර මහතාගේ එම අදහස මේ වන විට යටපත් වී තිබෙනවා.

Rate this item
(1 Vote)
Last modified on Monday, 13 December 2021 00:49