May 05, 2024

සියල්ල ගිනිබත් කල මහර රැඳවියන් පන්සලටයි බෞද්ධ කොඩියටයි අතවත් තබා නෑ

December 07, 2020

මහර බන්ධනාගාරය තුළ සියල්ලම ගිනිබත් කළ රැඳවියන් එම බන්ධනාගාර භූමිය තුළ තිබෙන පන්සලට හා එම පන්සල අවට සිටුවා තිබූ බෞද්ධ කොඩිවලට කිසිදු හානියක් නොකොට ආරක්ෂා කොට තිබෙන බව දැනගන්නට තිබේ.

මහර බන්ධනාගාර භූමියේ කුස්සිය හා ආපනශාලාව පසුකොට යන විට මෙම පන්සල පිහිටා තිබේ.

පන්සලට සහ පන්සල් භූමියේ සිටුවා තිබෙන කොඩි වලට පමණක් නොව මහර බන්ධනාගාරය තුළ ස්ථාපිත කොට තිබෙන හින්දු කෝවිලට හෝ මුස්ලිම් පල්ලියට ද කිසිදු හානියක් නොකිරීමට ප්‍රචණ්ඩකාරීව හැසිරුණු රැඳවියන් කටයුතු කර තිබෙන බව ද වාර්තා වේ.

Rate this item
(0 votes)
Last modified on Sunday, 06 December 2020 19:47

Related items