මහර බන්ධනාගාරයේ ඇති වූ ප්‍රචණ්ඩත්වය හේතුව එහි තිබෙන ඖෂධ පාවිච්චි කිරීම බවට ගෙන යන මතය මානසික රෝග වෛද්‍යවරුන්ගේ සංගමය ප්‍රතික්ෂේප කරයි.
මානසික රෝගීන්ට ලබාදීමට තිබෙන එම ඖෂධවලින් ප්‍රචණ්ඩත්වයක් වර්ධනය නොවන බවත් ඉන් කලහාකාරී ලෙස හැසිරීම අවම කරන බවත් එම සංගමය පෙන්වා දෙයි.
මහර බන්ධනාගාරයේ ප්‍රචණ්ඩත්වයට සම්බන්ධ වූ රැඳවියන් මත් පෙත්තක් පාවිච්චි කළ බවට ප්‍රථමයෙන්ම හෙළිදරව් කළේ විමල් වීරවංශ අමාත්‍යවරයා ය.
ඒ බව අද (3) ආරක්ෂක අමාත්‍යාංශ වැය ශීර්ෂයට එක්වෙමින් වීරවංශ මන්ත්‍රීවරයා යළිත් වතාවක් තහවුරු කරමින් සඳහන් කලේ මහර ප්‍රචණ්ඩ සිද්ධියට මැදිවූ රැඳවියන් එම කටයුතු සිදු කළේ සාමාන්‍යයෙන් මානසිකත්වයකින් නොවන බවත් එම ගැටුමින් තුවාල ලබා රෝහල් ගතව සිටින තුවාලකරුවන්ගෙන් විමසීමෙන් ඒ බව තහවුරු කරගැනීමට හැකි බවය.
තමන් එදා කළේ කුමක්දැයි දැන් මතක නැති බව රෝහල්ගතව සිටින මෙම රැඳවියන් ප්‍රකාශ කරන බවද අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කරයි.