May 05, 2024

මහර කැරැල්ල මැඩපැවැත්වීමට ගිය STF නිලධාරීන් 150ක් නිරෝධායනයේ - STF ප්‍රධානියාත් ඒ අතර

December 04, 2020

මහර බන්ධනාගාරයේ පසුගියදා ඇතිවූ කැරැල්ල මැඩපැවැත්වීමට ගිය විශේෂ කාර්ය බලකායේ අණ දෙන නිලධාරියා ඇතුළු 150ක පමණ පිරිසක් ස්වං නිරෝධායනයට යොමුකර ඇති බව විශේෂ බලකා ආරංචි මාර්ග පවසයි.

මෙම ගැටුමෙන් මියගිය සහ තුවාල ලැබූවන්ගෙන් වැඩි දෙනෙක් කොවිඩ් ආසාදිතයන් බැවින් මෙම පියවර ගෙන තිබේ.

මෙම පිරිසගේ පී.සී.ආර් පරීක්ෂණ සිදුකරන තෙක් ඔවුන් කඳවුරුවල වෙන් වෙන් වශයෙන් රඳවා සිටින බව වාර්තා වේ.

මහර ගැටුම මැඩපැවැත්වීමට විශේෂ කාර්ය බළකායේ අණදෙන නිලධාරී නියෝජ්‍ය පොලිස්පති වරුණ ජයසුන්දර මහතා ඇතුළු එම බලකායේ 150කට අධික පිරිසක් එම ස්ථානයට ගොස් සිටි බව එම ආරංචි මාර්ග සඳහන් කළේය.

එම කැරැල්ලෙන් මියගිය අයගේ සිරුරු සහ තුවාලකරුවන් ඉවතට රැගෙන යාමට නොදී ඇතැම් රැඳවියන් නොසන්සුන්කාරී ලෙස හැසිරෙමින් සිටියදී විශේෂ කාර්ය බලකායේ අණදෙන නිලධාරීවරයා බන්ධනාගාරය තුලට ගොස් රැඳවියන් අමතා තුවාලකරුවන් සහ මියගිය අයගේ සිරුරු රෝහල්වලට රැගෙන යාමට ඉඩ ලබා දෙන ඉල්ලීමක් කර ඇති අතර ඒ අනුව රැඳවියන් පිරිසක් තුවාලකරුවන් සහ මියගිය අයගේ සිරුරු රැඳවියන් බාරයෙන් රාත්‍රී 09.00 පමණ වනවිට ඉවතට රැගෙන ආ බව එම ආරංචිමාර්ග පැවසීය.

රැඳවියන් පිරිස රෝහල් ගත කිරීමෙන් පසු ඔවුන්ගෙන් බහුතරයකට කොව්ඩ් ආසාදනය වී ඇතැයි තහවුරු විය. එනිසා බන්ධනාගාරයේ තත්වය පාලනය කිරීමට එම මෙහෙයුමට ගිය විශේෂ කාර්ය බලකායේ අණ දෙන නිලධාරියා ඇතුළු පිරිස මෙලෙස අවදානම් තත්වයට පත්ව ඇති බවද වාර්තා වේ.

පොලිස් මූලස්ථාන ආරංචි මාර්ග පැවසූවේ මහර කැරැල්ල මැඩපැවැත්වීමට ගිය පොලිස් නිලධාරීන් සියලු දෙනා පී.සී.ආර් පරීක්ෂණය කර ස්වං නිරෝධායනයට යොමු කරන ලෙසට පොලිස්පතිවරයා විශේෂ නියෝගයක් කර ඇති බවයි. 

Rate this item
(0 votes)

Related items