May 18, 2024

පාස්කු ප්‍රහාරයේ චූදිතයින්ට එරෙහිව සඳුදා නඩු පවරනවා

December 05, 2020

පාස්කු ඉරුදින ප්‍රහාරය සම්බන්ධයෙන් මේ වනවිට චූදිතයන් 271 දෙනකු රක්ෂිත බන්ධනාගාරගතව සිටින බවත් ඔවුනට එරෙහිව ලබන සඳහා වන විට නඩු පැවරීමට කටයුතු කරන බව මහජන ආරක්ෂාව පිළිබඳ අමාත්‍ය සරත් වීරසේකර මහතා පාර්ලිමේන්තුවේ දී අනාවරණය කරන ලදී .

ඒ සම්බන්ධයෙන් වූ සාකච්ඡාවක් ලබන 7 වැනි සඳුදා නීතිපතිවරයා සමඟ කරන බවද පෙන්වා දුන් වීරසේකර මහතා මෙම සැකකරුවන්ට එරෙහිව මනුෂ්‍ය ඝාතන, ආණ්ඩුවට එරෙහිව කැරළි ගැසීම, බෝම්බ ප්‍රහාර එල්ල කිරීම යනචෝදනා යටතේ නඩු පවරන බවද සභාවට දැනුම් දෙන ලදී .

අද පැවැත්වීමට තිබුණු වරාය නාවික හා සංචාරක වැය ශීර්ෂ විවාදය අතරතුර පාස්කු ඉරුදින ප්‍රහාරය සම්බන්ධයෙන් කාදිනල් වහ න්සේ කර තිබෙන ප්‍රකාශය සම්බන්ධයෙන් නිරෝෂන් පෙරේරා විපක්ෂයේ මන්ත්‍රීවරයා අදහස් පල කිරීමත් සමඟ එම විවාදය පාස්කු ඉරු දින විවාදයක් බවට පත් වූ අවස්ථාවේ අමාත්‍යවරයා මෙම අදහස් පල කරන ලදී.

Rate this item
(0 votes)
Last modified on Saturday, 05 December 2020 12:03

Related items