May 18, 2024

නිරෝධයනයේ යෙදී සිටින පොලිස් නිලධාරීන්ට දින 28ටම බටා

December 05, 2020

කොවිඩ් 19 හේතුකොටගෙන ප්‍රතිකාර ලබන හෝ නිරෝධායනීය යෙදී සිටින පොලිස් නිලධාරීන්ට  ප්‍රතිකාර ලබන කාලයට මෙන්ම නිරෝධානය යෙදෙන කාලය සඳහා බටා ගෙවන බව මහජන ආරක්ෂාව පිළිබඳ  අමාත්‍ය සරත් වීරසේකර මහතා අනාවරණය කරයි.

නිරෝධයන රෙගුලාසි හා නීති රීති වලට අනුව නිරෝධායනය විය යුතු කාලය වන එනම් දින 14 බැගින් දෙවතාවක කාලය වන දින 28 සඳහාම බටා ගෙවන බව පෙන්වා දෙන අමාත්‍යවරයා එම දින 28 සේවයේ යෙදී සිටින දින 28ක් සේ සලකන බව ද සඳහන් කරයි.

සරත් වීරසේකර මහතා මෙම අදහස් පළ කළේ මුජිබර් රහුමාන් විපක්ෂයේ මන්ත්‍රීවරයා නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.

Rate this item
(1 Vote)
Last modified on Saturday, 05 December 2020 11:54

Related items