May 08, 2024

ජනවරමට අනුව එක්සත් ජාතීන්ගේ සංවිධානය සමඟ කටයුතු කිරීම රජයේ විදේශ ප්‍රතිපත්තියයි

November 25, 2020

ශ්‍රී ලංකාවේ එක්සත් ජාතීන්ගේ සංගමය සමඟ කටයුතු කරන්නේ ජනතාව දුන් ජනවරමට අනුකූලව බව විදේශ කටයුතු අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කරන ලදී.

එමෙන්ම ජනවරම දුන් ජනතාවගේ සිතුම් පැතුම්වලට අනුකූලව බවද අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කරන ලදී.

කිසිවිටෙකත් ශ්‍රී ලංකාවේ ස්වාධීපත්‍යට හෝ ස්වෛරීභාවයට හානියක් වන කිසිදු විදේශ ප්‍රතිපත්තියකට ගෝඨාභය රාජපක්ෂ රජය එකඟත්වය පල නොකරන බවද අමාත්‍යවරයා පෙන්වා දෙන ලදී.

අමාත්‍යවරයා මෙම අදහස් පල කලේ සිය අමාත්‍යාංශය සම්බන්ධයෙන් වූ විසර්ජන පනත් කෙටුම්පත් විවාදයට එක්වෙමිනි.

Rate this item
(0 votes)