March 28, 2024

කොහෙවත් කට්ටිය ශරීරය අතගාලා බලන්නේ නැහැ - ෆොන්සේකා පාර්ලිමේන්තුවේදී කියයි

November 08, 2021

පාර්ලිමේන්තුවට ප්‍රවේශ වීමෙදී මින් ඉදිරියට ශරීර ආරක්ෂාවට ලක්කරන ලෙසට කථානායකවරයා දැනුම් දී ඇතැයි අද (08) පාර්ලිමේන්තුවේ දී අනාවරණය වුණා.

පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් ෆොන්සේකා මහතා මේ පිළිබඳ අදහස් දක්වමින් පවසා සිටියේ පක්ෂ නායක රැස්වීමේ දී එම තීරණය ගත් බවට ලිපියක් මඟින් දැනුවත් කර ඇති බවයි.

ඒ පිළිබඳ වැඩිදුරටත් අදහස් දැක්වු මන්ත්‍රීවරයා,

“මගේ මේසේ උඩ ලියුමක් තියෙනවා කථානායකතුමා පක්ෂ නායක රැස්වීමේ දී ගත් තීරණයක් කියලා. මේකේ තියෙන්නේ ශරීර ආරක්ෂාවට ලක්කිරීම කට්ටිය ඇතුළට එනකොට මින් ඉදිරියට ක්‍රියාත්මක කරනවා කියලා. මම දැනුවත් කරන්න ඕනේ, ලෝකයේ තියෙන නවීන තාක්ෂණය අනුව මේ කාලයේ කොහෙවත් කට්ටිය ශරීර අතපත ගාලා බලන්නේ නෑ පිස්තෝලයක් තියෙනවා ද? අරවා මේවා තියෙනවා ද කියලා. පාර්ලිමේන්තුව කියන්නේ රටේ තියෙන උත්තරීතර ආයතනය. මෙතනට ක්‍රමවේදයක් හදන්න ඕනේ ඇඟ අතපත ගාන්නේ නැතුව ආරක්ෂාව සපයා ගන්න. අනිත් පැත්තෙන් අපි දැනගන්න කැමතියි එකපාරට මෙහෙම දෙයක් ගේන්න මොකක් හරි තර්ජනයක් තියෙනවා ද ආරක්ෂාවට? බුද්ධි තොරතුරක් හරි කවුරු හරි බෝම්බයක් හරි පිස්තෝලයක් හරි ගේනවා කියලා.එහෙම තියෙනවා නම් අපිත් දැනුවත් වෙන්න ඕනේ. තොරතුරක් තියෙනවා නම් හංගගෙන මේක විතරක් කරාට වැඩක් නෑ.”

සභානායක දිනේෂ් ගුණවර්ධන – “ෆීල්ඩ් මාර්ෂල් ෆොන්සේකා මහතා, නඟපු කාරණාව වැදගත්. නමුත් ආරක්ෂාව සම්බන්ධයෙන් කථානායකවරයා ගෙන තිබෙන තීරණය මං කථානායකවරයාගේ අවධානයට ලක්කරන්නම්.”

Rate this item
(0 votes)

Related items