April 25, 2024

අභ්‍යාසලාභී උපාධිධාරීන්ට සුබ පුවතක්

විවිධ රාජ්‍ය ආයතනවලට අනියුක්ත කර ඇති අභ්‍යාසලාභී උපාධිධාරීන් ස්ථිර කිරීම සදහා ජනාධිපතිවරයා විසින් පත් කර ඇති විශේෂ කැබිනට් අනුකාරක සභාව රැස් වී තිබෙනවා.

පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ දී එය රැස් වූයේ විශේෂ කැබිනට් අනුකාරක සභාවේ සභාපති අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන්.

මෙහි දී අභ්‍යාසලාභී උපාධිධාරීන් අනියුක්ත කර සිටින එක් එක් අමාත්‍යාංශවල, එම උපාධිධාරීන් ස්ථිර කිරීම සදහා වන ප්‍රගතිය තවදුරටත් විමසා බැලූ බව යි අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පවසා සිටියේ.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සෞභාග්‍යයේ දැක්ම වැඩසටහන යටතේ බඳවාගනු ලැබූ 58,000 ක් වන අභ්‍යාසලාභී උපාධිධාරීන් ස්ථිර කිරීම සදහා මෙම විශේෂ කැබිනට් අනුකාරක සභාව පත් කොට තිබෙනවා.

ඊයේ මෙලෙස පැවැත්වුණේ එම කැබිනට් අනුකාරක සභාවේ දෙවන රැස්වීම යි.

අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන, රාජ්‍ය සේවා - පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකෝන් සහ ජල සම්පාදන අමාත්‍ය වාසුදේව නානායක්කාර යන අමාත්‍යවරුන් මෙහි සාමාජිකයන් වනවා.

ඊයේ (11) පැවැති රැස්විමට එම අමාත්‍යවරු මෙන් ම අදාළ අමාත්‍යාංශ නිලධාරීහු ද සහභාගි වූවා.

Rate this item
(1 Vote)
Last modified on Tuesday, 12 October 2021 18:52