May 18, 2024

මේ සභාවේ ඉන්න ඇතැම් දෙමල දේශපාලනඥයින් කුහකයෝ - ජාතිවාදය වපුරන එකයි කරන්නේ

November 24, 2020

පාතාලය, කුඩු විනාශ කරනවා සේම අන්තවාදයට හා ත්‍රස්තවාදයට හිස එසවීමට ඉඩ නොදෙන බව රාජ්‍ය අමාත්‍ය සරත් වීරසේකර මහතා පාර්ලිමේන්තුවේදී සඳහන් කරන ලදී.

මේ පාර්ලිමේන්තුවේ ඉන්න සමහර දෙමල මන්ත්‍රීවරු සිංහල ජනතාව පිළිබඳව දෙමල ජනතාවගේ වෛරය ඇති වන විදිහේ ප්‍රකාශ දිගින් දිගටම කරන බව වීරසේකර මහතා පෙන්වා දෙන ලදී.

ප්‍රදේශයේ තියෙන අඩුපාඩුකම්, සංවර්ධන ගැන කතා නොකොට හැම විටම සිංහල ජනතාවට හා හමුදාවට අවමාන වන විදිහට එම දෙමල මන්ත්‍රීවරුන් කතා කරන බව රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කරන ලදී.

එදා තරුණ දෙමල ළමයි අවි ආයුධ ගන්න හේතුව වුනෙත් එවන් කුහක දේශපාලන ප්‍රකාශ බවද වීරසේකර මහතා පෙන්වා දෙන ලදී.

Rate this item
(1 Vote)
Last modified on Tuesday, 24 November 2020 15:14

Related items