May 09, 2024

"ඒ සටන නොකලා නම් ඔබතුමාලගේ පක්ෂයට සල්ලි නැහැ" - කිරිඇල්ල රිෂාඩ් වෙනුවෙන් කතා කළ හේතුව මහින්දානන්ද කියයි

November 23, 2020

බන්ධනගාරගතව සිටින රිෂාඩ් බදියුදීන් මහතා පාර්ලිමේන්තු අයවැය විවාදයේ ජන්දය දීමට නොපැමිණීම හේතුවෙන් විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා මරාගෙන මැරීමට සුදානම් වූ බව පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතා පවසයි.

එජාපය යනු ත්‍රස්තවාදයත් සමඟ යැපිච්ච ආණ්ඩුවක් බවත් සජිත් ප්‍රේමදාස මහතාගේ ආණ්ඩුව අන්තවාදයෙන් යැපිච්ච ආණ්ඩුවක් බවද ඒ මහතා සඳහන් කළේය.

සජිත් ප්‍රේමදාස මහතාගේ පක්ෂයේ වියදම් දරන්නේ රිෂාඩ් බදියුදීන් මහතා බවත් තමාට එය ඔප්පු කිරීමට සියලු සාක්ෂි ඇති බවද පැවසිය.

සියලු බැංකු ගිණුම්, ජනධිපතිවරණයේදී ලබා දුන් මුදල් සියල්ල ඔප්පු කිරීමට හැකි බවත් තමා වගකීමකින් සියල්ල සිදු කරන බවත් වැඩිදුරටත් සඳහන් කළේය.

ඒ අයවැය තුන්වන වර කියවීමේ විවාදයට එක්වෙමිනි.

Rate this item
(2 votes)