May 10, 2024

රැපිඩ් පරීක්ෂණ කට්ටල මෙරටට ගෙන්වීම ගැන පැහැදිළි කිරීමක්

November 09, 2020

කොවිඩ් ආසාදිතයින් හඳුනාගැනීම සඳහා භාවිත කරන "ක්ෂණික ප්‍රතිදේහජනක පරීක්ෂණ කට්ටල" ආනයනය කිරීම සඳහා රජය කිසිඳු මුදලක් යොදවා නැති බව ඖෂධ නිෂ්පාදනය, සැපයීම හා නියාමන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා පවසයි.

ඊයේ (08) පෙරවරුවේ අනුරාධපුර මෙත්සිරි සෙවනේ පැවති උත්සවයකට එක්වෙමින් රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසුවේ මෙම පරීක්ෂණ කට්ටල ආනයනය කර ඇත්තේ පෞද්ගලික අංශයෙන් පමණක් බවය. 

විදේශ ආධාර මත ලැබුණු රුපියල් ලක්ෂ 56ක් වටිනා ජංගම කෘතීම ස්වයන ආධාරක 4ක් රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා විසින් අනුරාධපුර ශික්ෂණ රෝහලට, එහි මහාචාර්ය ඒකකයට සහ මෙත්සිරි සෙවනට ලබාදීම ඊයේ  සිදුකෙරුණි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ රාජ්‍ය අමාත්‍ය, මහාචාර්ය චන්න ජයසුමන මහතා පෙන්වා දුන්නේ "ඇත්තටම මේ පරීක්ෂණ කට්ටල ගැන රට පුරා වැරදි මතයක්, නොමග යැවීමක් සිදුවෙනවා. ඇතැම් පුද්ගලයන්ගේ දේශපාලන වාසි සඳහා. මම ඉතාම වගකීමෙන් කියනවා රජය මේ කට්ටල කිසිඳු ආකාරයක මිලදී ගැනීමක් සිදුකරලා නෑ මේවන තෙක්. හැබැයි ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් සහ ආසියානු සංවර්ධන බැංකුවෙන් අපි ඉල්ලීමක් කළා කඩිනමින් මේ කට්ටල අපිට ලබාදෙන්න කියලා. ඒ අනුව ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් අප වෙත 50,000ක කට්ටල ප්‍රමාණයක් ලබාදෙනු ලැබුවා ආරම්භක පියවරේදි. එය අද දවසේදී ශ්‍රී ලංකාවට ලැබීමට නියමිතයි. ඒ ඇරෙන්න කිසිඳු පෞද්ගලික සමාගමකින් මිලදී ගැනීමක් සිදුකරලා නෑ, රජය විසින්," යනුවෙනි.

Rate this item
(0 votes)
Last modified on Sunday, 08 November 2020 19:36