April 30, 2024

ගොඩනැගිලි 35 ක් නිරෝධායන මධ්‍යස්ථාන කරන්න යයි

කොළඹ මහ නගර සභාව යටතේ පවතින වෛද්‍ය සායන සහ ප්‍රජා මධ්‍යස්ථාන ගොඩනැගිලි නිරෝධායන මධ්‍යස්ථාන බවට පත්කිරීමට බලාපොරොත්තු වන බව නගරාධිපතිනි රෝසි සේනානායක මහත්මිය පවසයි.

එවැනි ගොඩනැගිලි 35 ක් පමණ නිරෝධායන මධ්‍යස්ථාන ලෙස යොදාගත හැකිවනු ඇතැයි නගරාධිපතිනිය සඳහන් කළාය.

මේ වෙනුවෙන් දැනටමත් ක්‍රියාත්මක වී ඇති බවත් ඊට අරමුදල් වෙන්කර ඇති බවත් ඇය පෙන්වා දුන්නාය.

මීට අමතරව නිරෝධායන ඇඳිරි නීතිය පනවා ඇති ප්‍රදේශවල ජනතාවට වියළි ආහාර බෙදා දීමේ වැඩසටහනක්ද මහනගර සභාව විසින් ක්‍රියාත්මක කර ඇතැයිද නගරාධිපතිනිය පැවැසුවාය.

ඇය පෙන්වා දෙන්නේ මහනගර සභා සීමාව තුළ දින අටක් ඇතුළත පුද්ගලයන් 1150 කට පමණ කොවිඩ් – 19 වයිරසය ආසාදනය වී ඇති බවයි.

Rate this item
(0 votes)

Related items