April 30, 2024

කොළඹ කොරෝනා ප්‍රතිශක්තිකරණ එන්නත විඳලා තියෙන්නේ “රෝසි මැඩම්ගේ ලිස්ට්” එකටලු

February 22, 2021

කොළඹ මහා නගර සභාව විසින් කොරෝනා වෛරසය සඳහා වූ කොවිශිල්ඩ් එන්නත ජනතාවට ලබා දී තිබෙන්නේ කොළඹ මහා නගර සභාවේ පුරපතිනිය වන රෝසි සේනානායක මහත්මියගේ ලැයිස්තුවක් අනුව බවට හෙළි වී තිබේ.

කොළඹ මහා නගර සභාව විසින් කරගෙන යනු ලබන මෙම එන්නත් ලබා දීම මහජන පුස්තකාලයේ පවත්වාගෙන ගොස් තිබුණි.

මෙහිදී අකාරාදී පිළිවෙළකට හෝ වෙනත් පිළිවෙළකට සකස් නොකරන ලද එන්නත් ලබා දීම සඳහා වූ ලැයිස්තුවක් මෙම වැඩසටහන සඳහා යොදාගෙන තිබුණි. 

කොළඹ මහා නගර සභාව විසින් එන්නත් ලබා දීම සඳහා පුද්ගලයින් ලියාපදිංචි කර ගැනීමක් හෝ එවන් කිසිදු වැඩපිළිවෙළක් සකස් කොට නොතිබුණු අතර මෙය බොහෝ විට මෙය රෝසි සේනානායක මහත්මියගේ ලැයිස්තුවක් විය හැකි බවටද පුද්ගලයෙකු සඳහන් කර තිබුණි.

කෙසේ වෙතත් රෝසි සේනානායක මහත්මිය දිනපතා පළවෙන ඉංග්‍රීසි පුවත්පතකට සිය අදහස් දක්වමින් සඳහන් කර තිබුණේ තමන් සතුව එවැනි ලැයිස්තුවක් නොමැති බවත් එන්නත ලබා දෙන ක්‍රියාවලියට තමන් කිසිම ලෙසකින් මැදිහත් නොවන බවයි.

මේ අතර සෞඛ්‍ය නිලධාරීන් කිහිප දෙනෙකු ඒෂියන් මිරර් වෙත අදහස් පළ කරමින් පවසා සිටියේ කොරෝනා වෛරසය සඳහා වූ ප්‍රතිශක්තිකරණ එන්නත ලබා දීම සඳහා මෙරට කිසිදු පැහැදිළි ප්‍රතිපත්තියක් නොමැති බවයි.

Rate this item
(0 votes)
Last modified on Monday, 22 February 2021 23:12

Related items