May 10, 2024

සමාජ මාධ්‍යවලින් ඉල්ලූ පමණින් ඇඳිරි නීතිය පනවන්න බෑ

සමාජ මාධ්‍ය ඉල්ලු පමණින් රට තුළ ඇඳිරි නිතිය පැනවිය නොහැකි බව රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා පැවසිය.

පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් ඔහු සඳහන් කළේ ක්‍රමානුකූලව ගම්පහ දිස්ත්‍රික්කය තුළ ඇඳිරි නිතිය පනවමින් පවතින බවයි.

මේ පිලිබඳව සාකච්ජාවක් ඊයේ දිනයේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.

පී.සී.ආර් පරිස්කාහන රජය හා පෞද්ගලික අංශ හැකි උපරිමෙන් කරගෙන යන බවත් ඔහු වැඩිදුරටත් පැවසිය.

Rate this item
(0 votes)