May 07, 2024

මෙරට ළදැරියක් ඊශ්‍රාලයට ගෙන ගිය කාන්තාව ගැන පරීක්ෂණ

වයස අවුරුද්දක් පමණ වන ශ්‍රී ලාංකික දැරියක් සමඟ ඊශ්‍රාලයට පැමිණි කාන්තාවක් එරට ගුවන් තොටුපල බලධාරීන්ගේ ප්‍රශ්න කිරීම්වලට ලක්ව තිබේ.

19 හැවිරිදි ගාලිත් නකාශ් නම් මෙම කාන්තාව මෙරටින් පිටත් වීම සඳහා වෙනත් දරුවෙකුගේ ගුවන් බලපත්‍රයක් භාවිතා කොට ඇති බැවින් එම ළදැරියගේ දෙමව්පියන් සම්බන්ධයෙන් මෙහිදී ආරක්ෂක අංශ ප්‍රශ්න කිරීම් සිදු කොට ඇති බව විදෙස් ආරංචි මාර්ග සඳහන් කරයි.

මෙම දැරියගේ නීත්‍යානුකූල මව අදාළ කාන්තාවමදැයි සහතික කර ගැනීම සඳහා ඩී. එන්. ඒ පරීක්ෂාවක් ද පැවැත්වීමට නියමිත බව වාර්තා වේ.

සිද්ධිය සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ පිහිටුවා ඇති ඊශ්‍රායල තානාපති කාර්යාලය මගින් ළමා රක්ෂක අධිකාරිය ද දැනුවත් කර ඇති අතර එම අධිකාරියේ උසස් නිළධාරිනියක් කියාසිටියේ එ් සම්බන්ධයෙන් තොරතුරු සොයා බලමින් සිටින බවයි.

Rate this item
(0 votes)
Last modified on Wednesday, 10 August 2016 14:14