May 19, 2024

මහියංගන දැරියගේ ඝාතනයේ සැකකරු අත්අඩංගුවට (VIDEO)

පසුගියදා බදුල්ල, රිදිමාලියද්ද ප්‍රදේශයේ දී පාසල් දැරියක් අපයෝජනය කර ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ සැකකරු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

මහියංගනය පොලීසිය ප්‍රකාශකළේ සිද්ධිය පිළිබඳ සිදුකළ විමර්ශන අනුව අනාවරණය වූ තොරතුරු මත අදාළ සැකකරු අත්අඩංගුවට ගත් බවයි.

රීදිමාලියද්ද ප්‍රදේශයේ දී ඝාතනයට ලක්වූ දැරිය පාසල් ගොස් පැමිණෙමින් සිටිය දී අදාළ පුද්ගලයා විසින් පැහැරගෙන ගොස් අපයෝජනයට ලක් කර තිබේ.

අත්අඩංගුවට ගත් සැකකරු රිදිමාලියද්ද ප්‍රදේශයේම පදිංචිකරුවෙක් වන අතර දැරිය අතුරුදන් වූ බව වාර්තා වීමත් සමග ඇයව සොයා ගැනීම සදහා ද මොහු විශේෂ උනන්දුවක් දක්වා ඇති බව වාර්තා වේ.

පෙරේදා (18) මහියංගනය මූලික රෝහලේ දී දැරියගේ මරණය පිළිබඳ පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත්වුණු අතර එහිදි මරණයට හේතුව තීරණය නොකළ අධිකරණ වෛද්‍යවරයා ලබාදුන්නේ විවෘත තීන්දුවකි.

ඒ අනුව ඇයගේ දේහයේ කොටස් මේ වන විට රස පරීක්ෂකවරයා වෙත යවා තිබේ.

වීඩියෝව පහතින්.

Rate this item
(0 votes)
Last modified on Monday, 20 June 2016 10:21