May 07, 2024

දැරියකට අමානුෂික හිංසනයක්: රහසිගතව ගත් වීඩියෝව එළියට (VIDEO)

වයස අවුරුදු 6ක කුඩා දැරියක් අමානුෂික ලෙස හිංසනයට ලක් කරන වීඩියෝවක් මේවන විට මෙරට සමාජ ජාලවල දැඩි අවධානයට යොමු වී තිබෙනවා.

යාපනය, කෝපායි ප්‍රදේශයේ දී මෙම දැරිය මෙසේ හිංසනයට ලක්ව ඇත්තේ ඇගේ කුඩම්මා විසින්.

වීඩියෝව පහතින් > > > 

මෙම අමානුශික ළමා හිංසනය දුටු අසල්වැසියෙකු අදාළ සිදුවීම සැඟවී වීඩියෝ ගත කර ඇති අතර පසුව ඔහු විසින් එය Facebook වෙත මුදාහැර තිබෙනවා.

මෙම Facebook වීඩියෝව හරහා සිදුකළ විමර්ශනයකින් අනතුරුව අදාළ කාන්තාව අත්අඩංගුවට ගෙන ඇති බව පොලීසිය පවසනවා.

පහරකෑමට ලක්වන දැරියගේ මව මියගොස් ඇති අතර ඇගේ පියා තවත් විවාහයක් කරගෙන තිබෙනවා.

වීඩියෝව පහතින් > > > 

එම කාන්තාව විසින් මෙලෙස දැරියව හිංසනයට ලක්කරන්නේ ඇය දිය නෑමට අකමැත්ත පළකිරීම නිසා බව පොලීසිය අනාවරණය කරගෙන තිබෙනවා.

මෙම දිනයේ පමණක් නොව අදාළ කුඩම්මා විසින් නිරන්තරයෙන් දැරියව හිංසනයට ලක් කෙරෙන බවත් මෙසේ වීඩියෝගත කර ඇත්තේ එම එක් අවස්ථාවක් පමණක් බවත් පැවසෙනවා.

තම මව ජීවතුන් අතර නොමැති නමුත් කුඩම්මාගෙන් පහරකෑමට ලක් වෙද්දී දැරිය වේදනාවෙන් කෑගසන්නේ "අම්මා" යනුවෙන් වීම සමාජ ජාල පරිශීලකයින් මහත් සංවේදී කරන්නට සමත් වී තිබෙනවා.

අදාළ කුඩම්මා සමග දැරියගේ පියා ද අත්අඩංගුවට පත්වී ඇති අතර සිද්ධිය සම්බන්ධව කෝපායි පොලීසිය වැඩදුර පරීක්ෂණ පවත්වනවා.

වීඩියෝව පහතින් > > > 

Rate this item
(14 votes)
Last modified on Friday, 23 September 2016 16:05