May 19, 2024

අයියා රත්කළ හැන්දකින් මල්ලී පුළුස්සයි (PHOTOS)

මඩකලපුව, පාලමු‍නේ ප්‍රදේශයේ 10 හැවිරිදි පාසල් දරුවෙකු රත් කළ හැන්දකින් පුළුස්සා තුවාල කළ පුද්ගලයෙක් කාත්තන්කුඩි පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

මෙසේ තුවාල සිදුකර ඇත්තේ අදාළ සිසුවාගේ ඥාති සොහොයුරෙක් විසිනි.

තුවාල ලැබූ දරුවාගේ දෙමව්පියන් විදේශගතව සිටින අතර ඔහු ජීවත්වන්නේ අදාළ ඥාති සොහොයුරාගේ නිවසේය.

කාත්තන්කුඩි පොලීසිය සඳහන්කළේ අදාළ සැකකරු විසින් තම නිවසේ දී මෙම දරුවාට තුවාල සිදුකර ඇති බවයි.

මේ වනවිට තුවාල ලැබූ දරුවා මඩකලපුව ශීක්ෂන රෝහලට ඇතුලත් කර ඇති අතර සැකකරු අත්අඩංගුවට ගෙන තිබේ.

සිද්ධිය පිළිබඳව කාත්තන්කුඩි පොලීසිය විසින් වැඩිදුර විමර්ශන සිදුකරයි. 

ඡායාරූප පහතින්

 

මඩකලපුව - ජවුෆර්ඛාන්

Rate this item
(0 votes)
Last modified on Friday, 24 June 2016 17:06