May 13, 2024

7 හැවිරිදි දැරිය අපයෝජනය කළ වෛද්‍යවරයා රිමාන්ඩ්

කුඩා දැරියකට ලිංගික අපයෝජන සිදු කිරීමේ සිද්ධියකට සමන්තුරේ පොලීසිය මගින් නින්දවුර් රෝහලේ වෛද්‍යයවරයෙක් අත්අඩංගුවට ගෙන ඇත.

මෙසේ අපයෝජනයට ලක්ව ඇත්තේ සමන්තුරේ, නින්දවූර් ප්‍රදේශයේ පදිංචි අවුරුදු 7ක දැරියකි.

අපයෝජනයට ලක්ව ඇති දැරිය තම පියා සමඟ පසුගිය 20 වෙනි දින රාත්‍රියේ අදාළ වෛද්‍යයවරයාගේ පෞද්ගලික බෙහෙත් ශාලාව වෙත ගොස් ඇති අතර එහිදි මෙම වෛද්‍යයවරයා විසින් තම දියණියට ලිංගික අපචාර කර ඇති බවට දැරියගේ පියා විසින් සමන්තුරේ පොලීසියට පැමිණිලි කර ඇත.

පසුව සමන්තුරේ පොලිස් ස්ථානයේ නිලධාරින් විසින් සැකකාර වෛද්‍යයවරයා අත්අඩංවට ගෙන තිබේ.

අත්අඩංගුවට ගත් සැකකාර වෛද්‍යවරයා සමන්තුරේ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව සමන්තුරේ මහේස්ත්‍රාත් එම්. එ්. එම් පසිල් මහතා විසින් ජුලි මස 04 වෙනි දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබිය.

අම්පාර දිසාව භාර වැඩ බලන සහකාර පොලිස් අධිකාරි හේමන්ත දික්ඕවිට මහතාගේ උපදෙස් පරිදි සමන්තුරේ වැඩ බලන පොලිස් ස්ථානාධිපතිවරායා ඇතුළු කණ්ඩායමක් සිද්ධිය පිළිබඳ වැඩිදුර විමර්ශන මෙහෙයවයි.

අම්පාර - වසන්ත චන්ද්‍රපාල

Rate this item
(0 votes)
Last modified on Wednesday, 22 June 2016 12:25