May 06, 2024

එන්නත ගත්තොත් මොකද වෙන්නේ? මෙන්න ඇත්ත

එන්නත ලබා ගැනීමේ දී විවිධ රටවලට ගම්න් කිරීමට බාධා ඇති බව එමෙන්ම ලිංගික බෙලහීනතා සහ දරුවන් නොලැබීම සංකූලතා ඇතිවීම මත්වතුර පානය සුදුසු බවට සමාජයේ පැතිරයන  මතය  සම්පූර්ණයෙන්ම මිථ්‍යාවක් බව මාතලේ දිස්ත්‍රික් ‍ප්‍රජා වෛද්‍ය විශේෂඥ වෛද්‍ය ප්‍රභාත් රණසිංහ මහතා පවසනවා.

මාතලේ දිස්ත්‍රික්කයේ කොවිඩ් වෛරසය පාලනය කිරීම සඳහා මාධ්‍යවේදීන් ලබාදුන් සහය සඳහා ස්තුතිය පළකිරීම මෙන්ම වර්තමාන තත්ත්වය පැහැදිලි කිරීම සඳහා මාතලේ දිස්ත්‍රික් සෞඛ්‍ය  වෛද්‍ය නිලධාරී කාර්යාලය මගින් සංවිධානය කොට තිබුණ සාකච්ඡාවක දී පසුගිය (04) වැනිදා දහවල් මාතලේදී ප්‍රජා වෛද්‍ය විශේෂඥ වෛද්‍ය ප්‍රභාත් රණසිංහ මහතා මෙම විශේෂ අනාවරණය සිදු කළා.

මෙහිදී  මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්න කිහිපයකට පිළිතුරු සැපයීමට ඒ මහතා ඉදිරිපත් විය.

බොහෝ දෙනෙක් විදේශ රටවල යෑම සඳහා දැනට ලංකාවේ ලබා දෙන එන්නත් වර්ග සුදුසු නොවන බවට පැතිර යන කතාව මෙන්ම තරුණයන් අතරේ පැතිර යන ලිංගික බෙලහීනතාවය මෙන්ම දරුවන් පිලිසිද නොගැනීමේ තත්වයක් පවතින මතය මෙන්ම ඇල්කොහොල් වර්ග පානය කිරීම කොවිඩ් මර්ධනයට සුදුසුයයැයි මත වල සත්‍ය කුමක්දැයි මාධවේදීහු සිදුකල විමසන්නට වුණා.

එහිදී අදහස් දැක් වූ  මාතලේ දිස්ත්‍රික් ප්‍රජා වෛද්‍ය විශේෂඥ වෛද්‍ය  ප්‍රභාත් රණසිංහ මහතා කියා සිටියේ  අප  රටේ ජනතාවට ලබාදෙන සෑම එන්නතක් ම ලෝක සෞඛ්‍ය සංවිධානය මගින් අනුමත කරන ලද උසස් තත්වයේ එන්නත් බවයි.

එම නිසා ලෝකයේ ඕනෑම රටකට ගමන් කිරීම් සඳහා එම එන්නත් කිසිදු බාධාවක් ඇති නොවන බව පෙන්වා දුන්නා.

ඇතැම් රටවල් නිර්ණායක දමාගෙන ඇත්තේ ලබා ගන්නා එන්නත අනුව නිරෝධායනය වීමේ කාල සීමාව වෙනස් වීම පමණක් බවත් එම තත්වයද ඉදිරියේදී වෙනස් වන බවද ඒ මහතා පවසා සිටියා.

එමෙන්ම  තරුණ පිරිස් මිථ්‍යා මතයක එළැඹී සිටින බව පෙන්වා දෙන වෛද්‍යවරයා කියා සිටියේ එන්නත් කරන සිදු වන්නේ ශරීරය තුළ ප්‍රතිදේහ නිපදවීමට විනා ලිංගික බෙලහීනතාවය හෝ දරු උපත් නොමැති වීමේ කිසිදු  සිද්ධියක් ක්‍රියාත්මක නොවන බවයි.

එම සියලු සිද්ධීන් මිත්‍යා මත බවද වෛද්‍යවරයා පෙන්වා දුන්නා.

බොහෝ දෙනා වෛරසය මර්දනය කිරීම සඳහා ඇල්කොහොල් යොදා ගැනීම නිසා  මත්වතුර භාවිතයට සුදුසු බව පැතිර යන කටකතා ඇතැම් මත්ද්‍රව්‍ය අලෙවි කරන සමාගම් විසින් ගොතන ලද වැරදි කතා බවත් ඒවා සම්පූර්ණයෙන්ම නිවැරදි විය යුතු බවත් වෛද්‍යවරයා අනාවරණය කළා.

මත්  වතුර පානය කරන ස්ථානයක මෙම වෛරසය ව්‍යාප්ත වීමේ වැඩි අවධානමක් පවතින බවද ඔහු කියා සිටියා.

- කාංචන කුමාර ආරියදාස

Rate this item
(0 votes)
Last modified on Saturday, 09 October 2021 10:58