May 20, 2024

ශලනිගෙන් අලුත් වැඩක් ළඟදීම

ශලනි තාරකා කියන්නේ රංගනය තුළින් සම්මානලාභී රංගන ශිල්පිණියක්. සිරස කුමරිය හරහා කලාවට පැමිණි ශලනි පසුගිය වසරේ රයිගම් ටෙලි සම්මාන උළෙලේදී හොඳම නිළිය සහ ජනප්‍රියම නිළිය සම්මාන දෙකම දිනාගත්තා. පසුගිය දිනක ඇය කොරෝනා ආසාදිත රෝහල්ගත වී ද සිටියා. ඇය ඒ පිළිබඳව ඇගේ මුහුණු පොත හරහා ඇගේ ප්‍රේක්ෂකයන් දැනුවත් කිරීමටත් කටයුතු කර තිබුණා.

ශලනි ටෙලි තිරයේ වැඩියෙන්ම දකින්නට ලැබෙන්නේ පෙම්වතියගේ පෙම්වතියගේ චරිතය වුවත් ඇය වෙනස් වෙන චරිත හරහා සිය රංගන දක්ෂතාවය පෙන්වා තියෙනවා. මේ නිසා ඇයව බොහෝ දෙනා හඳුනා ගන්නේ රංගන ශිල්පිනියක් ලෙසයි. නමුත් ශලනි අධ්‍යක්ෂකවරියක් ලෙසින් නුදුරේදීම ප්‍රේක්ෂකයන් අතරට පැමිණෙනවා. ඒ "Make Up" කෙටි චිත්‍රපටය නිර්මාණය කරමින්. "Make Up" චිත්‍රපටයේ පූජන දන්දෙණිය, අනුරාධා එදිරිසිංහ සහ ශලනි තාරකා ප්‍රධාන චරිත වලට රංගනයෙන් දායක වෙනවා. මෙහි සංස්කරණය ශාන් අල්විස් විසින් සිදු කර තිබෙන අතර සංගීතය පසන් ලියනගේ විසින් සිදුකර තිබෙනවා. ඉදිරියේදී මෙම චිත්‍රපටය ශලිනිගේ රසිකයන් වෙත තිලිණ කිරීමට ශලනි බලාපොරොත්තු වන බවයි අපට වාර්තා වුණේ.

Rate this item
(0 votes)
Last modified on Wednesday, 25 August 2021 20:19

Related items