May 05, 2024

" ඇත්තටම ආදරේට වයස ප්‍රශ්නයක් නැහැ" - ශලනි, සචින් ගැන මුල්වරට කියූ දේ

ශලනි තාරකා කියලා කියන්නේ ශ්‍රී ලංකාවේ ටෙලි නාට්‍ය ක්ෂේත්‍රය තුළ වාර්තා පිට වාර්තා තබමින් සම්මානයෙන් පිදුම් ලැබූ දක්ෂ රංගන ශිල්පිනියක්.

ඇය විසින් වසර 20කට වඩා පැරණි වාර්තාවක් බිඳ හෙළන්නේ එක්තරා අවස්ථාවක සම්මාන උළෙලකදී  දක්ෂතම සහ ජනප්‍රියතම නිළිය යන තේමාවන් දෙක යටතේ සම්මානයෙන් පිදුම් ලැබීමට වාසනාවන්ත වීමත් සමගයි.

මේ දවස් වල අපිට ඇයව බොහෝ දුරට දැකබලා ගන්නට ඉඩකඩ තියෙන්නේ  කියාදෙන්න ආදරේ තරම් ටෙලි නාට්‍යයේ ස්නේහා කියන චරිතය සහ චලෝ ටෙලි නාට්‍යය තුළින්.

ඉතින් මේ ටෙලි නාට්‍යය දෙකටම මේ වෙද්දි ඉහළ ප්‍රේක්ෂක ප්‍රතිචාර ලැබෙනවා.

ඒ වගේම ඇය විසින් රංගනයෙන් දායක වූ ගිරි දේවි, අග්නි පියාපත් සහ අඩෝ කියන ටෙළි නිර්මාණයන් ශලනිගේ රංගන ජීවිතයේ විශිෂ්ටම නිර්මාණයන් අතරින් කීපයක්.

ඒ වගේම තමයි මෑතකදී හිරු නාලිකාවේ විකාශය වූ සිහින ගෙනෙන කුමාරියේ ටෙලි නාට්‍යයේ සත්සරනිගේ චරිතය කළේ ශලනි.

නමුත් ඇය මේ වෙද්දි ඒ චරිතයෙන් අයින් වෙලා.

කොහොමෙන් කොහොම හරි ඉතාමත් කාර්යබහුල ජීවිතයක් ගතකරන ශලනි මාසෙකට ටෙලි නාට්‍ය දෙක තුනක රංගන කටයුතු වල නිරත වෙනවා.

ඒ පිළිබඳව ඇය අදහස් දැක්වූයේ  වෙලාවකට පාලනය කරගන්නට අපහසු වුණත් ඒ සියලු නිර්මාණයන් වලට තමන්ගේ උපරිම රංගන දායකත්වය ලබා දෙන්න ඇය අමතක කරන්නේ නැහැ කියලයි. 

ඉතින් පසුගිය දිනක දී ඇය දිනක දී ඇය එක් වූ එක්තරා යූටියුබ් මාධ්‍ය සාකච්ඡාවක දී ලංකාවම කතා වෙන ඇයගේ සහ සචින් ලියනගේ අතර ඇති සම්බන්ධය පිළිබඳව අදහස් දැක් වූයේ මේ විදිහට.

“ඇත්තටම ගොඩක් දෙනෙක් කියනවා මං මල්ලි කෙනෙක් එක්ක ආදර සම්බන්ධයක් පවත්වාගෙන කියලා. එයා ඇත්තටම මට වැඩිය අවුරුදු හයක් බාලයි. මට ඉන්නෙ නංගියි අයියයි විතරයි. ඉස්සර ඉඳන්ම මට මල්ලි කෙනෙක් ඉන්නවනම් මම කැමැතියි. දැං මට මේ එහෙම එකක් තමයි ඇවිල්ලා තියෙන්නෙ. අපි දෙන්න අතර ආදර සම්බන්ධයක් නැහැ. එයා ඇත්තටම මාත් එක්ක හරිම close. සචින් කියන්නෙ මට කාලෙකින් ක්ෂේත්රයේ හම්බෙච්ච හොඳම යාළුවෙක්. ඕනි දෙයක් කියන්න පුළුවන් ඕනි බැනුමක් අහන් ඉන්නවා. ගුටිත් කනවා වෙලාවකට මගෙන්. සෙට් එකේ වැඩ කරද්දිත් හැම දෙයක් ගැනම හරි උනන්දුවෙන් අහනවා. එයාට උනන්දුව තිබුනට focus out යනවා. මං සාමාන්‍ය රූගත කිරීමක් කරන කොට ඕනම රංගන ශිල්පියෙක් එක්ක ෆොටෝ එකක් අප්ලෝඩ් කරනවා. මම සචින් එක්කත් ඒ වගේ ෆොටෝ එකක් අප්ලෝඩ් කළා. ඒකට නොහිතපු විදිහට like comment ආවා. ඊට පස්සේ තමයි අපි දිගින් දිගටම ඒ වගේ photos දාන්න පටන් ගත්තේ. මුලදි නම් ගොඩක් අය එක එක ඒවා කිව්වා. අතීත දේවල් මතක් කරලා ගොඩක් අය බැන්නා. නමුත් පස්සෙ කාලෙක එයාලම අපිව කපල් එකක් කලා. ඇත්තටම ආදරේට වයස ප්‍රශ්නයක් නැහැ. හැබැයි මට මෙයත් එක්ක බැහැ. එහෙම උනොත් හිනා වෙලා මැරෙන්න තමයි වෙන්නේ.”

Rate this item
(1 Vote)
Last modified on Friday, 04 March 2022 11:27