May 07, 2024

"මගේ ආයුෂත් අරන් ඉන්න කියන්න බැහැ - මොකද මම ජීවත් වෙන්නෙත් අවුරුදු 2යි"

December 12, 2021

වේදිකාව තුළින් කලා ලෝකය ජයගත් දක්ෂ රංගන ශිල්පියෙක් තමයි සරත් චන්ද්‍රසිරි මහතා කියලා කියන්නේ. පසුගිය දිනෙක ඔහු මුළු මහත් කලා ලෝකයම ශෝකයේ ගිල්වමින් මේ ලෝකෙන් සමු ගත්තා. එතුමා මෙලොවින් සමුගන්නා විට දවස් විසි එකක් කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියා.

ඔහුගේ වෙන්වයාම ඇසූ පමණින් කලා ලෝකයේ බොහෝ දෙනෙක් තම තමන්ගේ ශෝකාකූල පණිවිඩ සමාජ මාධ්‍ය ඔස්සේ බෙදා ගන්නට අමතක කරේ නැහැ. වර්ෂ 1964 ජූනි මස 13 වන දින උපත ලබන එතුමා වේදිකාව තුළින් හොඳ පන්නරයක් ලබපු දක්ෂ කලාකරුවෙක්.

ටෙලිනාට්‍ය ගත්විට  ඔහු බොහෝ විට ප්‍රසිද්ධ වුණේ පබා ටෙලි නාට්‍යයේ සමගිපුර වසන්ත කියන චරිතය හරහායි. ඊට අමතරව රැල්ල වෙරලට  ආදරේ කියන ටෙලිනාට්‍යයේත් ඔහු මෑතකාලීනව චරිතයක් නිරූපණය කළා. ඔහු රඟපෑ වේදිකා නාට්‍ය අතර අබුද්දස්ස කෝලම,අන්දරේලා ,මීහරක් ,ගුරු තරු ආදී නාට්‍යයන් ඉන් ප්‍රධාන තැනක් දන්නවා.

ඒ වගේම සිනමා නිර්මාණයන් අතර  රාජ්‍ය සේවය පිණිසයි ,බහුබූතයෝ ,ලේ කිරි කදුලු ,වන් ෂොට් ,කුරුලු පිහාටු ආදී සිනමා නිර්මාණයන් ඉන් ප්‍රධාන ස්ථානයක් ගන්නවා. නොසිතු මොහොතක මේ දක්ෂ රංගන ශිල්පියා අප හැර යන විට ඒ පිළිබඳ ව කිසි කෙනෙක් දැනගෙන හිටියේ නැහැ.

නමුත් එක්තරා අවස්ථාවක ඔහු ක්ෂේත්‍රයේ දක්ෂ රංගන ශිල්පිනියක් වන ශලනි තාරකාගේ උපන් දිනයකට සුභ පතමින් හරි අමුතු කතාවක් කියනවා. සරත් මහතා සඳහන් කරනවා මගේ ආයුෂත් අරන් ජීවත් මෙන්න කියලා මට කියන්න බැහැ මොකද මමත් තව ජීවත් වෙන්නේ අවුරුදු දෙකයි කියලා.

ශලනිගේ උපන්දිනයක් වෙනුවෙන්  ඔහු සුබ පැතුමක් එක් කරපු අවස්ථාවක තමයි මේ වගේ දෙයක් කියලා තියෙන්නේ. ඉතින් තමන්ගෙ ජීවිතේ ඉතාමත් කෙටි කාලයකින් අවසන් වෙනවා කියලා එතුමා කල් තියාම දැන ගෙන  ඉඳලා තියෙනවා.

මේ පණිවිඩය  සමාජ මාධ්‍ය ඔස්සේ ශලනි තාරකා බෙදා හදා ගන්න අමතක කළේ නැහැ. ඉතින් මේවනවිට මුළු මහත් කලා ලෝකයම සහ ඔහුට ආදරය කරන ප්‍රේක්ෂක ජනතාව හඬවමින් අප අතරින් සමුගත් සරත් චන්ද්‍රසිරි කලාකරුවාණනි අපි ඔබට උතුම් නිවන් සුව ප්‍රාර්ථනා කරන්නෙ

Rate this item
(1 Vote)