April 19, 2024

ශලනිගේ සහ සචින්ගේ ජායාරූප එකතුව සමාජ මාධ්‍ය කළඹයි (PHOTOS)

පුංචි තිරය තුල මේ දිනවල බොහෝ සෙයින් ආදරය දිනාගත්ත රංගන ශිල්පීන් යුවළක් තමයි සචින් සහ ශලනි තාරකා කියන්නේ. ඒ "කියාදෙන්න ආදරේ තරම්" ටෙලිනාට්‍යය නිසා.

ඉතාමත් දක්ෂ රංගනයක යෙදෙන මේ ජනප්‍රිය යුවල පුංචි තිරයේ බොහොම ආදරණීය පෙම්වතුන් ලෙස හඳුන්වනවා.

කියාදෙන්න ආදරේ තරම් ටෙලි නාට්‍ය ලොකු පොඩි හැමෝම ආදරයෙන් බලන කතාවක්.

ඉතින් මේ නිසා ස්නේහා සහ නිර්වාන් ගැන නිතරම කතාබහට ලක්වෙනවා.

ස්නේහාගේ චරිතයට පන පොවන ශලනි තරකාට මුළු ලංකාවම වගේ ආදරය කරනවා.

ඕනෑම චරිතයකට සියයට සියයක් උපරිමයෙන්ම සාධාරණයක් ඉටුකරන්න ඇය උපරිම උත්සාහ කරනවා.

ඕනෑම අභියෝගයකට ඇය සාර්ථකව මුහුණ දෙනවා.

නිර්වාන්ගේ චරිතයට පන පොවන්නේ නවක ජනප්‍රිය නළුවෙකු වන සචින් ලියනගේ.

සචින් කියන්නේ කඩවසම් ජනප්‍රිය නළුවෙක්.

මේ දිනවල තරුණියන්ගේ සිත සොරාගත් සිහින කුමරා කියා ඔහු හැදින්වුවත් වරදක් නැහැ.

ස්නේහා නිර්වන් ආදර කතාව ගැන හැමෝම දන්නවා.

ඒක පාර්ශවිය ආදර කතාවක ගලායාම තමයි එලෙස දිවෙන්නේ.

ඇත්තටම ශලනි සහ සචින් පෙම්වතුන් කියලා හැමෝම කාලයක් කියන්න පටන් ගත්තා.

ඒ ඔවුන් දෙදෙනා නිරන්තරයෙන් එකටම ඉන්න නිසාවෙන්ම තමයි.

නමුත් ඔවුන් දෙදෙනාම කියන්නේ ඔවුන් හොදම මිතුරන් පමණක් බවයි. 

පුංචි තිරය තුළ හොඳට කැපෙන මේ යුවළගේ හරි අපූරු ඡායාරූප පෙළක් සමාජ මාධ්‍යයේ හුවමාරු වෙනවා.

එම ඡායාරූප පෙළ පහතින්,

Rate this item
(1 Vote)
Last modified on Wednesday, 30 March 2022 09:03