May 08, 2024

"මාව ගත්තත් එකයි නැතත් එකයි මට - අධ්‍යක්ෂවරු හුරතල් කරන්න වෙලාව නෑ" - ශලනි තාරකා කියූ සැර කතාව

November 17, 2021

ශලනි තාරකා කියලා කියන්නේ ශ්‍රී ලංකාවේ ටෙලි නාට්‍ය  ක්ෂේත්‍රය තුළ වාර්තා පිට වාර්තා තබමින් සම්මානයෙන් පිදුම් ලැබූ දක්ෂ රංගන ශිල්පිනියක්. ඇය විසින් වසර විස්සකට වඩා පැරණි වාර්තාවක් බිඳ හෙළන්නේ එක්තරා අවස්ථාවක සම්මාන උළෙලකදී  දක්ෂතම සහ ජනප්‍රියතම නිළිය යන තේමාවන් දෙක යටතේ සම්මානයෙන් පිදුම් ලැබීමට වාසනාවන්ත වීමත් සමගයි.

මේ දවස් වල අපිට ඇයව බොහෝ දුරට දැකබලා ගන්නට ඉඩකඩ තියෙන්නේ  කියාදෙන්න ආදරේ තරම් ටෙලි නාට්‍යයේ ස්නේහා කියන චරිතය සහ චලෝ ටෙලි නාට්‍යය තුළින්. ඉතින් මේ   ටෙලි නාට්‍යය දෙකටම මේ වෙද්දි ඉහළ ප්‍රේක්ෂක ප්‍රතිචාර ලැබෙනවා.

ඒවගේම ඇය විසින් රංගනයෙන් දායක වූ ගිරි දේවි, අග්නි පියාපත් සහ අඩෝ කියන ටෙළි නිර්මාණයන් ශලනිගේ රංගන ජීවිතයේ විශිෂ්ටම නිර්මාණයන් අතර කීපයක්. ඒ වගේම තමයි මෑතකදී හිරු නාලිකාවේ විකාශය වූ සිහින ගෙනෙන කුමාරියේ ටෙලි නාට්‍යයේ සත්සරනි ගේ චරිතය කළේ ශලනි.

"ආදරේ කරලා විවාහ වෙන එක හරියන්නේ නෑ" - ශලනි තාරකා

නමුත් ඇය මේ වෙද්දි ඒ චරිතයෙන් අයින් වෙලා. කොහොමෙන් කොහොම හරි ඉතාමත් කාර්යබහුල ජීවිතයක් ගතකරන ශලනි මාසෙකට ටෙලි නාට්‍ය දෙක තුනක රංගන කටයුතු වල නිරත වෙනවා. ඒ පිළිබඳව ඇය අදහස් දැක්වූ වේ වෙලාවකට  පාලනය කරගන්නට අපහසු වුණත්  ඒ සියලු නිර්මාණයන් වලට තමන්ගේ උපරිම රංගන දායකත්වය ලබා දෙන්න ඇය අමතක කරන්නේ නැහැ කියලයි.

මේ වෙද්දි විකාශය වන කියාදෙන්න ආදරේ තරම් ටෙලි නිර්මාණයේ ශලනිගේ චරිතයට  හිතාගන්නවත් බැරි තරම් ප්‍රේක්ෂක ප්‍රතිචාරයක් ලැබුණා. ශලනි  කියන්නේ ප්‍රේක්ෂක ප්‍රතිචාරයන් එක්ක තමයි ඇයට ඒ චරිතය සාර්ථකව කරගන්න ලැබුනෙ කියලයි. ඉතින් මෙච්චර හොඳට රඟපාන්න පුළුවන් නිළියක් ඇයි ටෙලි නිර්මාණ වලටම සීමා වෙලා ඉන්නෙ  සිනමා කර්මාන්තයට එන්නේ නැද්ද කියලා අහපුවාම ශලනි සඳහන් කළේ සිනමා කර්මාන්තය පිළිබඳව විශාල පුළුල් අදහසක්  ඇය සතුව නැහැ කියලා.

නමුත් ක්ෂේත්‍රයට එන නවක පිරිස් විවිධ සිනමා නිර්මාණයන් වල රඟ දක්වන චරිතයන්ට තවදුරටත්  සාධාරණයක් ඉෂ්ඨ කර හැකි නේද අපරාදේ චරිතය  කියලා හිතුණු වාරත් ඇයට තිබුණා කියලා ඇය සඳහන් කළා. ඒ  වගේම ශලනි සඳහන් කරන ආකාරයට ගොඩක් අධ්‍යක්ෂකවරුන් හිතනවලු නිර්මාණයක් බාර ගත්තහම ඒ අධ්‍යක්ෂකවරුන්ට හැම වෙලාවෙම ඒ රංගන ශිල්පිනිය කතා කරන්න ඕනි කියලා. ඒ පිළිබඳව ඇය අදහස් දැක්වූයේ මේ ආකාරයෙන්.

සමහර අධ්‍යක්ෂකවරු  බලාපොරොත්තු වෙනවා අපි එයාලට නිතර කෝල් කරන්න ඕනි කියලා. මම මේ ඇත්ත කියන්නේ මට කිසිම ප්‍රශ්නයක් නෑ මාව ගත්තත් එකයි නැතත් එකයි. මට එහෙම වෙලාවක් නෑ ඉතින් අධ්‍යක්ෂවරු හුරතල් කර කර ඉන්න ඉතින් කෝල් කර කර එහෙම කරන්න බැහැ.

ඉතින් ඇය වැඩිදුරටත් අදහස් කරන්නේ කෝල් කරලා පස්සෙන් ගිහින් ඇයට චරිත ගන්න ඕනේ නැහැ කියලයි. ඒ වගේම මේ වෙද්දි ඇය රංගනයෙන් දායක වූ චිත්‍රපට ගණනාවක් තියෙන අතර එයින් තිරගත වුණේ චිත්‍රපටි තුනක් විතරයිලු. සිනමා නිර්මාණයන් වලට රංගනයෙන් දායක වෙන්න ආරාධනා ලැබුණත් ඒ නිර්මාණයන් තුළින් ඇය තෘප්තිමත් නැති නිසා ඒවා බාරගත්තේ නැහැ කියලත් ඇය ප්‍රකාශ කළා.

කෙසේ නමුත් ක්ෂේත්‍රය තුළ තමන්ගේම අනන්‍යතාවයක් ගොඩනගා ගනිමින් දක්ෂ ලෙස ඉදිරියට ගමන් කරන මේ රංගන ශිල්පිනියගේ සියලු වැඩකටයුතු දිනෙන් දින ම සාර්ථක වේවා කියා අපි හදවතින්ම සුබ පැතුම් එක් කරන්නෙමු.

“අවුරුදු 4ක් ගිහිල්ලත් අතීතෙන් ගොඩඑන්න බැරුව දගලන, උතුම් රටේ ශ්‍රී ලාංකික පිරිමි” - ශලනි රිදෙන්නම කියපු කතාව

Rate this item
(1 Vote)
Last modified on Tuesday, 16 November 2021 20:02