April 27, 2024

හොඳම කෙනා තෝරන්න ගිය ශිරන්ති, ජලනි, රෝසිට නෙළුම් පොකුණේ දී අකරතැබ්බයක්

ඊයේ (04) දිනයේ දී පැවැති ශ්‍රී ලංකා විවාහක රූ රැජිණ තේරීමේ තරඟාවලියේ දී අග්‍රාමාත්‍ය ආර්යාව ශිරන්ති රාජපක්ෂ මහත්මිය, විපක්ෂ නායක සජීත් ප්‍රේමදාස මහතාගේ බිරිඳ වන ජලනි ප්‍රේමදාස මහත්මිය සහ කොළඹ මහ නගර සභාවේ පුරපතිනිය වන රෝසි සේනානායක මහත්මිය නොසිතු දෙයකට මුහුණ දීමට සිදුවිය.

තරඟාවලියේ අවසන් අවස්ථාවේ ශ්‍රී ලංකා විවාහක රූ රැජිණ හට ත්‍යාග ප්‍රධානය කිරීම සඳහා වේදිකාවට ශ්‍රී ලංකාවේ විවාහක රූ රැජිණියන් වූ රෝසි සේනානායක සහ ශිරන්ති රාජපක්ෂ මහත්මින් පැමිණ සිටියහ.

මෙහිදී 2020 හොඳම විවාහක රෑ රැජින ලෙස පුෂ්පිකා ද සිල්වා තේරී පත් වූ අතර 2019 දී ලෝක විවාහක රෑ රැජින වන කැරොලින් ජූරි විසින් ඇයට කිරුළ පැළඳීම සිදු කළාය.

ඉන්පසුව ශිරන්ති රාජපක්ෂ සහ රෝසි සේනානායක යන මහත්මියන් එක්ව ජයග්‍රාහිකාව හට සුබ පතමින් ත්‍යාග ප්‍රධානය කළහ.

පසුව ඔවුන් වේදිකාවෙන් බැස ගිය අතර ජයග්‍රාහිකාව විසින් ප්‍රේක්ෂකාගාරයට සිය ආචාරය පුද කරමින් සිටියාය.

මේ අතර කිසිවෙකුත් නොසිතු දෙයක් සිදු වූ අතර ලෝක විවාහක රෑ රැජින වන කැරොලින් ජූරි විසින් ප්‍රකාශ කර සිටියේ විවාහක රෑ රැජින තරඟාවලියේ නීතියක් ඇති බවත් එහිදී සියලු තරඟකාරිනියන් විවාහක විය යුතු බවත්, දික්කසාද වී සිටින තැනැත්තියන් හට මෙම තරගයට ඉදිරිපත් විය නොහැකි බවයි.

එසේ කියූ කැරොලින් ජූරි විසින් ඇය විසින් පැළැන්ඳූ කිරුළ පුෂ්පිකා ද සිල්වාගෙන් ගලවා ඉවත් කර ගැනීමට කටයුතු කළ අතර දෙවැනි ස්ථානය නිදාගත් රෑ රැජින හට එය පැළැන්ඳ වීමටද කටයුතු කළාය.

මේ අතර උණුසුම් තත්ත්වයක් ප්‍රේක්ෂකාගාරය තුළ ඇති වූ අතර විශාල පිරිසක් පුෂ්පිකා‍ ද සිල්වා හට සහයෝගය ලබා දෙමින් වේදිකාව මතට නැගීමටද කටයුතු කළේය.

මෙම උත්සව අවස්ථාවේ දී අග්‍රාමාත්‍ය ආර්යාව ශිරන්ති රාජපක්ෂ, විපක්ෂ නායකවරයාගේ බිරිඳ වන ජලනි ප්‍රේමදාස සහ කොළඹ පුරපති රෝසි සේනානායක යන මහත්මින් ද බොහෝ වෙලාවක් අවසන් මොහොත දක්වා රැඳී සිටි අතර පැමිණ සිටි අය මෙන්ම ඔවුන්ද මෙම සිදුවීම නිසා මවිතයට පත් වන්නට ඇති බව නොඅනුමානය.

Rate this item
(2 votes)
Last modified on Monday, 05 April 2021 12:11

Related items