May 17, 2024

මතට ඇබ්බැහි වූ පියාගෙන් දියණියට ලිංගික අතවර 

කඳාන, නාගොඩ ප්‍රදේශයේදී තම 06 හැවිරිදි දියණිය ලිංගික අපයෝජනයට ලක් කළ පියෙකු සොයා කඳාන පොලීසිය විසින් විමර්ශන ආරම්භ කර තිබේ.

පසුගිය 09 වන දා එම දියණිය එලෙස ලිංගික අපයෝජනයට ලක් කර ඇති බව පොලීසිය සඳහන් කරයි.

අදාළ සැකකරු දැඩි ලෙස මත්ද්‍රව්‍ය සහ මත්පැන්වලට ඇබ්බැහිවූ අයෙකු බවට ඔහුගේ බිරිඳ කළ පැමිණිල්ලේ සඳහන් වන බව ද වාර්තා වේ.

මේ වනවිට සැකකාර පියා ප්‍රදේශයෙන් පළා ගොස් ඇති බව සඳහන්කළ පොලීසිය ඔහු අත්අඩංගුවට ගැනීමට කඩිනම් විමර්ශන සිදුකෙරෙමින් පවතින බව ප්‍රකාශ කළේය.

 

Rate this item
(0 votes)