May 17, 2024

10 වසර දැරිය මහ රෑ අතරමං කළ අමුතු පෙම්වතා

ජංගම දුරකථනය මගින් හඳුනාගෙන සතියක් ගතවීමටත් පෙර තම නොදුටු පෙම්වතා සොයා පැමිණි 14 හැවිරිදි පාසල් සිසුවියක් රාත්‍රී කාලයේ නගරයේ අතරමංවී සිටියදී රක්වාන පොලීසියේ ස්ථානාධිපතිවරයා ඇතුළු නිලධාරින් පිරිසක් විසින් බේරා ගෙන තිබේ.

ඇය සිය ජංගම දුරකථනයේ සටහන් වූ වැරදි අංකයකට පිළිතුරුදීමේ සිදුවීමකින් පසු ඉහත කී තරුණයා සමග පෙම් සබඳතාවක් ඇති කරගෙන තිබෙන බව පැව‍සේ.

දැරියගේ මව විදෙස්ගතව සිටින අතර ඇය සිට ඇත්තේ ඇගේ මිත්තනිය භාරයේ ය.

මෙම දැරිය උසස් පාසලක 10 වන වසරේ අධ්‍යාපනය ලබන බවයි වාර්තා වන්නේ.

පෙම් සබඳතාවයට සතියක් ගතවීමටත් පෙර නුදුටු පෙම්වතාගෙන් එකිනෙකා හමුවීමේ ආරාධනාවක් ඇයට ලැබී ඇති අතර පෙම්වතාගේ ආරාධනාව පිළිගත් පෙම්වතිය පසුගිය දා පෙරවරුවේ ගලේවෙල සිට රක්වාන නගරයට පැමිණියත් ඇය එහි එන විට රාතී‍්‍ර 8.00 ට පමණ ආසන්න වී ඇත.

දුරකථනයෙන් කලින් කථාබස් කරගත් පරිදි අදාළ තරුණයා ඇය පිළිගැනීමට නගරයට පැමිණ නොසිටි අතර අසල ඇති දුරකථන කුටියකට ගොස් පෙම්වතාට කථා කරමින් සිටිය දී ඇයගේ බියපත් හැසිරීම ගැන විමසිල්ලෙන් නිරීක්‍ෂණය කරමින් සිටි තී‍්‍රරෝද රථ රියදුරෙක්, ඒ ගැන පොලීසියට දන්වා තිබේ.

ඒ අනුව පොලීසිය පැමිණ දැරිය පොලීසියට කැඳවාගෙන ගොස් සිදුකළ විමසීමේදී ඉහත සඳහන් කරුණු අනාරණය වී ඇත.

Rate this item
(1 Vote)
Last modified on Friday, 04 March 2016 06:52