April 28, 2024

තවත් සතියකට රට වහලා කරන්න හදන දේ

September 04, 2021

එළඹෙන 6 වැනිදා අවසන් වීමට නියමිතව තිබූ නිරෝධායන ඇඳිරි නීතිය එළඹෙන 13 වැනිදා උදෑසන 4 දක්වා දීර්ඝ කිරීමට කොවිඩ් කාර්ය සාධක බලකා රැස්වීමේදී තීරණය කර තිබෙනවා.

ඊට හේතුව එහි ප්‍රධාන යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා රට හමුවේ ප්‍රකාශ කලා.

එන්නණය කරනය අවසන් කිරීම

ඒ විශේෂයෙන්ම එන්නත් කරන වැඩපිළිවෙළ වඩා කඩිනමින් අවසන් කිරීමේ අවශ්‍යතාවය මත බවයි යුද හමුදාපතිවරයා පෙන්වා දෙන්නේ.

ජනපතිවරයාගෙන් ප්‍රධානත්වයෙන් පැවති කොවිඩ් කාර්ය සාධන බලකා රැස්වීමේ නිරෝධායන ඇඳිරි නීතිය තව සතියකින් දීර්ඝ කිරීමට තීන්දු කරන ලෙස ජනපතිවරයා උපදෙස් දුන් බවත් මේ වන විට මෙරට ජනගහනයෙන් අවුරුදු 30ට වැඩි අසූ අට ලක්ෂයකට කොවිඩ් මර්දන එන්නත් දෙකම ලබා දී ඇති බවත් ජනපතිවරයා පෙන්වා දුන් බව යුද හමුදාපතිවරයා අවධාරණය කරනවා.

තවත් එන්නත් හතලිස් ලක්ෂයක්

එළඹෙන 5 වෙනි දින ශ්‍රී ලංකාවට තවත් සයිනෆම් එන්නත් ලක්ෂ හතළිහක් ලැබීමට නියමිත බව පෙන්වා දෙන යුද හමුදාපතිවරයා දැනට යම් අඩු පාඩු සිදුව තිබෙන දිස්ත්‍රික්කවලට එම එන්නත් ලබා දෙන ලෙස ජනපතිවරයා උපදෙස් දුන් බවත් යුද හමුදාපතිවරයා සඳහන් කරනවා.

ඒ අනුව රට විවෘත කිරීමට නියමිත එළැඹෙන 13 දා වන විට රටේ සිටින සියළුම වයස අවුරුදු 30ට වැඩි පුරවැසියන්ට එන්නත් ලබා දී අවසන් කිරීම ඉලක්කය බවයි යුද හමුදාපතිවරයා සඳහන් කරන්නේ.

කොවිඩ් වසංගත තත්ත්වය ඉතා දරුණු වීම මත ඉකුත් අගෝස්තු 20 වැනි දින රට දින 10 කට වසා දැමූ අතර ඉන් පසු යළිත් එම වසා දැමීම තවත් සතියකින් දීර්ඝ කළා.

දැන් යළිත් එය තවත් සතියකින් දීර්ඝ කොටයි තිබෙන්නේ.

Rate this item
(0 votes)
Last modified on Friday, 03 September 2021 23:50