May 13, 2024

විවෘත කළ ආර්ථික මධ්‍යස්ථානය ගැන නිවේදනයක්

මෙරට කොරෝනා වසංගත තත්ත්වය පාලනය කිරීම සඳහා පසුගිය අගෝස්තු 20 වැනිදා මධ්‍යම රාත්‍රීයේ සිට රටම ආවරණය වන පරිදි නිරෝධායන ඇඳිරි නීතිය පනවනු ලැබුවා. 

මේ නිසා මෙරට සියලු ආර්ථික මධ්‍යස්ථාන වසා තැබුවත් රජය විසින් නැවතත් තීරණය කළේ සියලු ආර්ථික මධ්‍යස්ථාන 25 සහ 26 යන දෙදින විවෘත කිරීමටයි.

 නමුත් ගොවීන්ගේ අස්වනු අලෙවි කිරීමට එම දින 02ක ප්‍රමාණවත් නොවීම නිසා නැවතත් අගෝස්තු 28 සහ 29 යන දින දෙදින ආර්ථික මධ්‍යස්ථාන විවෘත කරනු ලැබුවා.

නිරෝධායන ඇඳිරි නීතිය නැවත වරක් සැප්තැම්බර් 06 වැනිදා දක්වා දිර්ඝ කිරීම හේතුවෙන් ආර්ථික මධ්‍යස්ථාන විවෘත කිරීම පිළිබඳව රජය තීරණයක් ගෙන තිබෙනවා.  

ඒ අනුව ජනතාවට අත්‍යවශය ආහාර මිලදී ගැනීමට ඉඩ සලසමින් එළැඹෙන සැප්තැම්බර් 01 වැනිදා සහ 02 වැනිදා අලුයම 04 සිට එළවළු තොග අලෙවි කිරීමට ආර්ථික මධ්‍යස්ථාන විවෘත කරනු ඇතියි.

මෙම මධ්‍යස්ථානවලදී දැඩි සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේදයන් අනුගමනය කරන ලෙස වෙළෙඳ සංගම් විසින් වෙළෙඳුන්ගෙන් ඉල්ලීමක් ද කර තිබෙනවා.

Rate this item
(0 votes)