May 13, 2024

රට වැසීම ගැන තීරණාත්මක සාකච්ඡාවක් හෙට

September 02, 2021

රට පුරා දැනට ක්‍රියාත්මක වන නිරෝධායන ඇඳිරි නීතිය සම්බන්ධව හෙට (03) දිනයේ දී තීරණාත්මක සාකච්ඡාවක් පැවැත්වීමට නියමිතව තිබෙනවා.

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පවසන්නේ එම සාකච්ඡාවේදී රටේ පවතින නිරෝධායන ඇඳිරි නීතිය දීර්ඝ කිරීම පිළිබඳව සාකච්ඡා කිරීමට නියමිත බවයි‍ෙ

ඊයේ (01) පැවැති මාධ්‍ය හමුවකදී ප්‍රාථමික සෞඛ්‍ය සේවා, වසංගත රෝග සහ කොවිඩ් රෝග පාලන රාජ්‍ය ඇමතිනි ආචාර්ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය විසින් අදහස් පළ කරමින් පවසා සිටියේ දැනට පවතින නිරෝධායන ඇඳිරි නීතිය තවත් සති 02ක් හෝ දීර්ඝ කළ යුතු බවයි

ලෝක සෞඛ්‍ය සංවිධානයේ ශ්‍රී ලංකාව පිළිබඳව පත් කර ඇති විශේෂඥ කමිටුව විසින් ද දැනට පවතින නිරෝධායන ඇඳිරි නීතිය ඔක්තොම්බර් 02 වැනිදා හෝ අවම වශයෙන් සැප්තැම්බර් 18 වැනිදා දක්වා හෝ දිර්ඝ කරන ලෙස පවසා තිබෙනවා.

දැනට පනවා ඇති නිරෝධායන ඇඳිරි නීතිය දිර්ඝ නොකළහොත් එය ලබන 06 වැනිදා අවසන් වෙනවා.

Rate this item
(0 votes)