මෙරට සිටින ජ්‍යේෂ්ඨම වෛරස්වේදය පිළිබඳව ප්‍රකට විද්‍යාඥයෙකු වන පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය තිස්ස විතාරණ මහතා විසින් කොරෝනා තත්ත්වය පිළිබඳව අනතුරු ඇඟවීමක් සිදුකර තිබෙනවා.
ඒ මහතා පෙන්වා දෙන්නේ ඉදිරියේ දැනට පවතින කොරෝනා වෛරස් ප්‍රභේදයන්ට වඩා ප්‍රබල කොරෝනා වෛරස් ප්‍රභේදයන් නිර්මාණය විය හැකි බවයි.
දැනට ලෝකය තුළ කොරෝනා වෛරසය පාලනය සඳහා ලබාදෙන එන්නත්වල වෛරසයට එරෙහි වීමේ හැකියාව 95%ක් ලෙස පැවැතියත් ඉදිරියේ දී බිහින වන ප්‍රබල කොරෝනා වෛරස් ප්‍රභේදයන්ට ඔරොත්තු දීම සඳහා අලුතින් එන්නත් නිපදවීමට සිදුවනු ඇති බවද ඒ මහතා පවසා සිටියා.
කොරෝනා වෛරසය නිර්මාණය වූයේ වවුලන්ගෙන් යැයි විද්‍යාඥයින් විසින් පළ කරන අදහස් තමා බැහැර නොකර බවද මහාචාර්ය තිස්ස විතරණ මහතා පවසා සිටිනවා.