May 13, 2024

පළමුවැනිදා රට විවෘත කරන බවට සෞඛ්‍ය ඇමතිගෙන් සහතිකයක්

September 25, 2021

පනවා ඇති නිරෝධායන ඇදිරි නීතිය ඉවත් කර සිමාවන්ට යටත්ව ලබන මස පළමුවැනිදා රට විවෘත කරන බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා පවසනවා.

සෞඛ්‍ය අමාත්‍යවරයා මේ බව කියා සිටියේ අද (25) නාවලපිටිය දිස්ත්‍රික් මහ රෝහලේ ඉදිරි සංවර්ධන කටයුතු සම්බන්ධයෙන් සොයා බැලිම සදහා එම රෝහලේ නිරික්ෂණ චාරිකාවකට එක් විමෙන් අනතුරුව මාධ්‍යයට අදහස් දක්වමින්.

මෙහිදි වැඩි දුරටත් අදහස් දැක් වු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා කියා සිටියේ කොවිඩ් එන්නත ලබාදිම මේ වන විට සාර්ථකව සිදු කරමින් පවතින බවයි.

කොවිඩ් 19 වෛරසය මෙරට තුල පැතිර යාමේ අවදානම මේ වන විට පාලනය වී ඇති බවට සංඛ්‍යා ලේඛනවලින් අනාවරණය වන බවද ඒ මහතා පවසා සිටියා.

රට යළි විවෘත කිරිම සම්බන්ධයෙන් ඉදිරි දින කිහිපය තුලදි විශේෂ සාකච්ඡාවක් පවත්වන බවත්, එම සාකච්ඡාවෙන් අනතුරුව ගන්නා තීරණය අනුව සීමාවන් කිහිපයක් යටතේ රට යලි විවෘත කිරිමට පියවර ගන්නා බවද අමාත්‍යවරයා පවසා සිටියා.

නාවලපිටිය දිස්ත්‍රික් මහ රෝහලේ ඉදිරි සංවර්ධන කටයුතු සම්බන්ධයෙන් එම රෝහලේ අධ්‍යක්ෂකවරයා, වෛද්‍යවරුන් සහ රෝහල් සංවර්ධන කමිටුව සමග අමාත්‍යවරයා විශේෂ සාකච්ඡාවක් පවත්වනු ලැබුවා.

මෙම සාකච්ඡාවට කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජෙනරාල් අසේල ගුණවර්ධන මහතා ඇතුළු සෞඛ්‍ය අමාත්‍යංශයේ උසස් නිලධාරින් රැසක් සහභාගි වී සිටියා.

(රංජිත් රාජපක්ෂ - හැටන්)

Rate this item
(0 votes)
Last modified on Sunday, 26 September 2021 09:33