May 13, 2024

රට විවෘත කරන තීන්දුවට පැය කිහිපයකට පෙර විශේෂඥයන්ගෙන් හදිසි ඉල්ලීමක්

September 17, 2021

දැනට පනවා ඇති සංචරණ සීමාවන් ඔක්තොම්බර් මාසයේ මුල දක්වා දීර්ඝ කරන ලෙසට විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය රජයෙන් ඉල්ලීමක් කර තිබෙනවා.

මේ ඉල්ලීම කර තිබෙන්නේ අද (17) දිනයේ ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් කොවිඩ් මර්දන කාර්ය සාධක බලකාය රැස්වීමට පැය කිහිපයකට පෙරයි.

එම සංගමය පෙන්වා දෙන්නේ සංචරණ සීමා එක්වරම ලිහිල් කළහොත් රටපුරා ව්‍යාප්ත වී පවතින ඩෙල්ටා ප්‍රභේදයෙන් නැවතත් රෝගීන් වැඩි වී මරණ සංඛ්‍යාව ඉහළ යාම වැඩිවිය හැකි බවයි.

විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කරන්නේ දැඩි අවදානම් තත්ත්වයෙන් මිදී අඩු අවදානම් තත්ත්වයක් කරා රට රැගෙන යාමට කටයුතු කළ යුතු බවයි.

ලෝක සෞඛ්‍ය සංවිධානයේ අනුග්‍රහය යටතේ රටේ විශේෂඥයන් මීට කළකට පෙර ලබාදුන් උපදෙස් හා නිර්දේශ පිළිගෙන තවත් සතියක් රට වසා තැබීමට කටයුතු කරන ලෙස එම සංගමය රජයෙන් ඉල්ලා සිටිනවා.

Rate this item
(2 votes)
Last modified on Friday, 17 September 2021 08:44