May 13, 2024

21 එක රට විවෘත කරනවාද? නැද්ද? තීන්දුව අද

September 17, 2021

අවස්ථා කිහිපයකදීම දීර්ඝ කරන ලද නිරෝධායන ඇඳිරි නීතිය ලබන 21 වැනි සඳුදා ඉවත් කරනවාද නැතිනම් පවත්වාගෙන යනවාද යන තීන්දුව අද (17) දිනයේ ගැනීමට නියමිතව තිබෙනවා.

ඒ අද පෙරවරුවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට නියමිත කොවිඩ් මර්දන කාර්ය සාධක බලකා රැස්වීම් අවස්ථාවේදීය.

රට විවෘත කිරීම සඳහා ජනාධිපතිවරයා විසින් මීට පෙර නිර්දේශ ඉදිරිපත් කරන ලෙස විශේෂ කමිටුවකට දන්වා තිබුණු අතර අද දිනයේ එම කමිටු වාර්තාවද මෙම රැස්වීමට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.

රටේ පාසල් නැවත විවෘත කිරීම සම්බන්ධයෙන් ද මෙහිදී ජනාධිපතිවරයා විසින් නිර්දේශ ලබාදෙන ලෙස පවසා තිබුණු අතර එම නිර්දේශයන්ද අද ඉදිරිපත් කිරීමට නියමිතයි.

පසුගිය අගෝස්තු මස 20 වැනිදා පනවන ලද නිරෝධායන ඇඳිරි නීතිය අවස්ථා කිහිපයකදීම දිර්ඝ කිරීමට කටයුතු කළා.

මීට පෙර ප්‍රාථමික සෞඛ්‍ය සේවා, වසංගත රෝග හා කොවිඩ් රෝග පාලන කටයුතු රාජ්‍ය අමාත්‍ය වෛද්‍ය සුදර්ශනි ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය පවසා සිටියේ රට දැන් ක්‍රමනුකූලව විවෘත කිරීමට හැකි බවයි.

Rate this item
(0 votes)
Last modified on Friday, 17 September 2021 11:59