May 13, 2024

නිරෝධායන ඇඳිරි නීතිය යළි දීර්ඝ කරයි

September 17, 2021

ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් අද (17) උදෑසන පැවති කොවිඩ් මර්දන විශේෂ කමිටු රැස්වීමේදි, දැනට පවතින නිරෝධායන ඇඳිරි නීති කාලසීමාව ඔක්තෝබර් මස 01 වන සිකුරාදා අළුයම 4.00 දක්වා දීර්ඝ කිරීමට තීරණය කර තිබෙනවා.

පසුගිය අගෝස්තු මස 20 වැනිදා පනවන ලද නිරෝධායන ඇඳිරි නීතිය මීට පෙර මෙම මස 13 වැනිදා දක්වා දීර්ඝ කළ අතර පසුව 21 වැනිදා දක්වා දීර්ඝ කිරීමට කටයුතු කළා.

මෙම තීරණය ගැනීමට පෙර විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය විසින් ද නිරෝධායන ඇඳිරි නීතිය දීර්ඝ කරන ලෙස රජයෙන් ඉල්ලීමක් කර තිබුණා.

Rate this item
(5 votes)
Last modified on Saturday, 18 September 2021 11:16