May 11, 2024

ඥාණසාර හිමිට යළි නොතීසි

බොදුබල සේනා සංවිධානයේ මහලේකම් ගලගොඩ අත්තේ ඥාණසාර හිමිට සැප්තැම්බර් 13 වැනි දා අධිකරණය හමුවේ පෙනී සිටින්නැයි අභියාචනාධිකරණය විසින් දෙවැනි වරටත් නොතීසි නිකුත් කර තිබේ.

මාලබේ තලාහේනේ පල්ලියකට අලාභ හානි කිරීමේ සිද්ධියක් සම්බන්ධ නඩුවෙන් බොදු බල සේනා මහලේකම් ගලගොඩ අත්තේ ඥානාසාර හිමි ඇතුළු පිරිස නිදහස් කිරීමට ගත් තීන්දුව අහෝසි කර දඬුවම් නියම කරන ලෙස ඉල්ලා නීතිපති ගොනු කළ අභියාචනය සඳහා මෙසේ නොතීසි නිකුත් කොට ඇත.

Rate this item
(1 Vote)
Last modified on Tuesday, 29 March 2016 07:34