May 11, 2024

බොදු බලේ හිමියන්ට පොලිස්පති ගැන සැකයක් (VIDEO)

පොලිස්පතිවරයා නිසි පරිදි නීතිය ක්‍රියාත්මක කරතියිද යන්න පිළිබඳව තමාට සාධාරණ සැකයක් ඇති බව බොදුබල සේනා සංවිධානයේ සම්බන්ධිකරණ ලේකම් මාගල්කන්දේ සුදන්ත හිමියන් ප්‍රකාශ කරයි.

උන්වහන්සේ මේ බව ප්‍රකාශ කළේ ඊයේ (05) බොදුබල සේනා සංවිධානයේ මහ ලේකම්  ඥාණසාර හිමියන්ට මරණ තර්ජන කළා යැයි කියන සිද්ධියක් පිළිබඳව පැමිණිලි කිරීමට පොලිස් මූලස්ථානයට පැමිණි අවස්ථාවේදී ය.

එහිදී අදහස් දැක්වූ උන්වහන්සේ, " මීට පෙරත් අපි පොලිස් මූලස්ථානයට පැමිණිලා පැමිණිල්ලක් කරා. ඒ එකඳු පැමිණිල්ලක්වත් විභාග කළේ නෑ. විමර්ශණයක් කළේ නෑ. ඒක නිසා මේකත් පැමිණිල්ලක්ම පමණක් බවට පත්වෙයිද කියලා අපිට විශාල සැකයක් තිබෙනවා. නමුත් අපි අපිට ගන්න පුළුවන් උපරිම ක්‍රියාමාර්ග ගන්නවා" යි පැවසීය.

වීඩියෝව පහතින්.

Rate this item
(0 votes)
Last modified on Wednesday, 06 July 2016 16:00