May 06, 2024

දැඩි රැකවල් මැද ඥානසාර හිමි අධිකරණයට (VIDEO)

රක්ෂිත බන්ධනාගාරගතව සිටින බොදු බල සේනා සංවිධානයේ මහ ලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමි අද (09) හෝමාගම උසාවියට රැගෙන ගොස් තිබේ.

උසාවියට අපහාස කළ බවට චෝදනා ලැබ අත්අඩංගුවට ගෙන සිටි ඥානසාර හිමි අද පස්වරු 01 ට පමණ බන්ධනාගාර රියෙන් හෝමාගම උසාවියට ගෙන ආ බවත් ඒ හේතුවෙන් උසාවිය අවට දැඩි පොලිස් ආරක්ෂාවක් යොදවා ඇති බවත් උසාවියට පිවිසෙන ප්‍රධාන මාර්ග 2ක් වසා ඇති බවත් වාර්තා වේ.

මෙයට අමතරව උසාවියට අපහාස වන සේ උසාවි භූමියේ හැසිරුණු බව කියන තවත් සිව්දෙනකු ද හඳුනාගැනීමේ පෙරට්ටුවකට ඉදිරිපත් කිරීමට අධිකරණ භූමියට රැගෙන එන බව සඳහන් වේ.

වීඩියෝව සඳහා ක්ලික් කරන්න > > >

ඡායාරූප පහතින්

 

Rate this item
(0 votes)
Last modified on Wednesday, 10 February 2016 12:29