May 12, 2024

ඥානසාර හිමි යළි රිමාන්ඩ්

February 16, 2016

මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩගේ බිරිඳ වන සන්ධ්‍යා එක්නැලිගොඩ මහත්මියට අධිකරණ භූමියේදී තර්ජනය කිරීමේ චෝදනා මත රක්ෂිත බන්ධනාගාර ගතකර සිටින බොදුබල සේනා සංවිධානයේ මහලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගතකර තබන ලෙස හෝමාගම මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා අද (16) නියෝග කර තිබේ.

එම සිද්ධියට අදාළ නඩුව අද කැඳවූ අවස්ථාවේදී මෙම තීරණය දුන් අතර උන්වහන්සේ යළි පෙබරවාරි මස 23 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණි.

Rate this item
(0 votes)
Last modified on Tuesday, 16 February 2016 16:29