May 12, 2024

අධිකරණය ඉදිරියේ කළහකාරීව හැසුරුණු 7කට ඇප

අධිකරණ කටයුතුවලට බාධාවන පරිදි අධිකරණ භූමියේ කලහකාරී ලෙස හැසිරුණු 07දෙනෙකුට අද (21) හෝමාගම ප්‍රධාන මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා විසින් ඇප ලබා දුන් බව වාර්තා වේ.

එම පිරිස අතර භික්ෂුන් වහන්සේලා කිහිපනමක් ද කාන්තාවන් තිදෙනෙක් ද වේ.

පසුගිය ජනවාරි මස ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් රක්ෂිත බන්ධනාගාර ගත කරන්නැයි හෝමාගම උසාවිය නියෝග කළ අවස්ථාවේ එයට විරෝධය පළකරමින් මෙම පිරිස අධිකරණය ඉදිරිපිට කලහකාරීව හැසිරුණු අතර හෝමාගම උසාවිය ඔවුන් අත්අඩංගුවට ගන්නා ලෙස නියෝග කර තිබිණි. 

 

Rate this item
(0 votes)