May 22, 2024

ඥානසාර හිමි අද අධිකරණයට

February 16, 2016

මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ මහතාගේ බිරිඳ වන සන්ධ්‍යා  එක්නැලිගොඩ මහත්මියට උසාවි බිමේදී තර්ජනය කිරීම නිසා චෝදනා ලැබූ බොදු බල සේනා සංවිධානයේ මහ ලේකම් ගලගොඩ අත්තේ ඥානසාර හිමි අද (16) අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

අධිකරණයට අපහාස කිරීමේ සිද්ධියක් මත රක්ෂිත බන්ධනාගාරගතව සිටි ඥානසාර හිමියන්ට පසුගිය 09 වෙනිදා ඇප හිමි වූ අතර එක්නැලිගොඩ මහත්මියට තර්ජනය කිරීමේ චෝදනාව මත යළි අද දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරුණි.

Rate this item
(1 Vote)
Last modified on Tuesday, 16 February 2016 10:13