April 28, 2024

ඥානසාර හිමියන් වෙඩි වැදුණු චමින්දට රෝහලට ගොස් සෙත්පතයි

අධිකරණයේ සිට බන්ධනාගාරය වෙත රැගෙන යාමේදී දෙමටගොඩ ප්‍ර දේශයේදී වෙඩි ප්‍රහාරයකට ලක්ව ජාතික රෝහලේ ප්‍රතිකාර ලබන දෙමටගොඩ චමින්ද නැමැත්තාගේ සුවදුක් බැලීමට හිමිවරු පිරිසක් සමග ඊයේ (03) දහවල් රෝහලට ගිය ගලගොඩ අත්තේ ඥානසාර හිමියන් ඔහුගේ අතේ පිරිත් නූලක් ගැටගසා ඇතැයි රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි.

උදරයට හා පපු පෙදෙසට වෙඩි වැදීමෙන් ශල්‍යකර්මයකට භාජනය කර සිටින දෙමටගොඩ චමින්ද නැමැත්තා මේ වන විට බන්ධනාගාර හා පොලිස් නිලධාරීන්ගේ දැඩි ආරක්ෂාව මධ්‍ය යේ රෝහල් හදිසි අනතුරු අංශයේ ප්‍රතිකාර ලබයි.

ඊයේ දහවල් 11.30ට පමණ හිමිවරුන් 10නමක් සමග එහි පැමිණි ගලගොඩ අත්තේ ඥානසාර හිමියන් පිරිත් නූලක් ගැටගසා චමින්දට සෙත්පතා තිබේ.

ඥානසාර හිමියන් චමින්දගේ අතේ පිරිත් නූලක් ගැටගැසීමට සූදානම් වූ විට බන්ධනාගාර නිලධාරීන් ඊට විරෝධය පළ කළ විට ඥානසාර හිමියන් පවසා ඇත්තේ අංගුලිමාලටත්, කොසොල් රජතුමාටත් සම්බුදු කරුණාවේ වෙනසක් සිදු නොවූ බවයි.

 

 

Rate this item
(0 votes)
Last modified on Friday, 04 March 2016 10:41